Loading...
ඩොලර් බිලියනයකට Google Gemini සහාය Apple Siri වෙතට

ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රතිවාදීන් දෙදෙනෙකු වන Apple සහ Google සමාගම්, Apple සමාගමේ Voice Assistant වන Siri සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හවුල්කාරී වීමට සුදනම් බවට තොරතුරු වාර්තා වනවා. ඒ ඩොලර් බිලියනයක පමණ වටිනාකමක් සහිත ගනුදෙනුවක් මඟිනි.

Apple සමාගම තම Apple Intelligence සහ නව AI Features මාලාව සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ සැලසුම් රැසක් ඉදිරිපත් කළද, එම පොරොන්දු වූ Siri ප්‍රතිසංස්කරණය දැනටමත් ප්‍රමාද වී පවතිනවා. එහි නවතම එළිදැක්වීමේ දිනය 2026 වසර දක්වා කල් ගොස් ඇති බවත් වාර්තා වනවා.

Google හි Gemini සහ OpenAI හි ChatGPT වැනි අති නවීන AI Models හමුවේ, Apple සමාගම AI තරඟයට තරමක් ප්‍රමාද වී ප්‍රවිශ්ට වීම නිසා අනෙකුත් ප්‍රතිවාදීන් සමඟ පවතින පරතරය අවම කර ගැනීමට දැඩි උත්සාහයක පසුගිය සමයේ නිරත වුවා. නමුත් ඔවුන්ගේ එම උත්සාහයන් සාර්තක වී නොමැති බව මේ පුවතත් සමඟ දක්වන්න පුලුවන්.

Gemini සඳහා ඩොලර් බිලියනයක් ?

අන්තර්ජාලය තුල හුවමරු වන තොරතුරුවලට අනුව Apple සමාගම විසින් Google වෙත වසරකට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බව දක්වන්න පුලුවන්. මෙම දැවැන්ත මුදලට Google සමාගම විසින් Siri හි සංවාදාත්මක හැකියාවන් බලගැන්වීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද Gemini මාදිලියක්, එනම් 1.2 trillion parameter පමණ අතිශය බලගතු කෘත්‍රිම බුද්ධි මාදිලියක් ලබා දෙනු ඇතැයි වාර්තා පල වනවා. ඒ අනුව මේ නව Gemini බලයෙන් ක්‍රියාත්මක වන Siri ප්‍රතිසංස්කරණය මඟින් Apple Assistant හි හැකියාවන් පෙරට වඩා විශාල වශයෙන් පුළුල් වනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

Apple විසින් තම වැඩිදියුණු කළ Siri බලගැන්වීම සඳහා අවශ්‍ය වන විශාල සම්පත් ප්‍රමාණය අඩු කර ගැනීමට, තෙවන පාර්ශවීය AI Models වෙත යොමු වීමට මීට පෙරත් උත්සාහ කර තිබෙනවා. ඒ අනුව Siri හරහා සෘජුවම ChatGPT වෙත ප්‍රවේශය ලබා දීමට පවා Apple කටයුතු කරනු ලැබුවා. නමුත් Gemini Model එකක් සමඟින්, Siri හට Google හි Gemini විසින් Android උපාංගවල ඉටු කරන ආකාරයටම සංකීර්ණ ඉල්ලීම් සහ ක්‍රියාකාරකම් සෘජුවම සහ ස්වයංක්‍රීයව හැසිරවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

Source: www.bgr.com www.bloomberg.com