Loading...
Google Assistant ට දැන් ශීතකරණ සහ වායු සිසිලන පාලනය කිරීමේ හැකියාව

Google දැන් Developers ලා ට Google Assistant සමග ශීතකරණ හා වායු සිසිලන යන්ත්‍ර පාලනය කිරීමේ මෘදුකාංග සෑදීමට අවස්ථාව ලබා දෙයි.

"Internet of Things" වලදී things කියල හැඳින්වෙන දේවල් ඒ කියන්නෙ devices එන්න එන්නම වැඩිවෙන බව පේනවා මොකද දැන් හැම TV ඒකක්ම Remote  එකක්ම වාගේ Smart Devices විදිහට තමයි එන්නේ.

Google Assistant Developer Documentations වලට එකතු වුණු අලුත්ම උපාංග දෙක, ශීතකරණ හා වායු සිසිලන යන්ත්‍ර වේ.

ඕනෑම ස්මාර්ට් ශීතකරණයක් මඟින් Assistant ට Modes අතර වෙනස් වීමට, උෂ්ණත්වය වෙනස් කිරීමට සහ On/Off කිරීමට හැකියාව ලබා දෙයි.

වායු සිසිලන සම්බන්ධයෙන් ගත් කල, වායු සිසිලන යන්ත්‍රයක් සහ වායු සමීකරණ පද්ධතියක් අතර වෙනස මම ඇත්තටම දැන සිටියේ නැත. Google හට ස්තුති වන්නට මෙහි වෙනස්කම් Documentation එකේදී පෙන්වයි.

එනම්,

වායු සිසිලන, උෂ්ණත්ව සිසිලනය සහ ආර්ද්‍රතාවය පාලනය කිරීමට ඉඩ සලසන උපාංග වේ. මෙම උපකරණ සාමාන්‍යයෙන් වායුසමීකරණ යන්ත්‍රවලට වඩා සැහැල්ලු හා අතේ ගෙන යා හැකි ඒවා වන අතර ජලය සහිත ටැංකියක් සවි කර ඇත. වායු සිසිලන උණුසුම් කිරීමට හෝ නිශ්චිත උෂ්ණත්වයක් සැකසීමට සහාය නොදක්වයි.  විදුලි පංකාවේ වේගය සහ ආර්ද්‍රතා සැකසුම වෙනස් කිරීම වායු සිසිලන යන්ත්‍රයේ ක්‍රියාකාරම් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු Google නිල වෙබ් අඩවියෙන්ද 9to5Google වෙබ් අඩවියෙන්ද දැනගත හැක.