Loading...
මෙවර Google I/O event එක මැයි 11 සිට 12 වනදා තෙක් පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් ​දේ

සෑම වසරකම පාහේ Google සමාගම විසින් වාර්ෂිකව මෘදුකාංග සංවර්ධකයන්ට පවත්වනු ලබන Google I/O event එක මෙම වසරේ මැයි 11 වන දින මැයි 12 වන දින දක්වා පවත්වන බව නිල වශයෙන් දන්වා තිබෙනවා. එය මුලින්ම Google සමාගම විසින් හෙලිකර ඇත්තේ කොටස් හතරකින් යු​තු ප්‍රෙහේලිකාවක් ආශ්‍රයෙන් වීමත් විශේෂත්වයක්.

පසුව මෙම ප්‍රෙහේලිකාව Twitter පරිශීලකයන් විසින් විසදීමත් සමඟ Google සමාගමමේ ප්‍රධාන විධායක නිළදාරී වරයා ලෙස කටයුතු කරන සුන්දර් පිචායි මහතා විසින් තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර සිටියේ Google I/O 2022, Sheroline Amphitheatreහිදී මැයි මස 11 වන දින සහ 12 වන දිනයන්හිදී පැවැත්වෙන බවයි.

සුන්දර් පිචායි විසින් ට්විටර් ගිණුමේ පල කරන ලද පණිවුඩ​ය

මීට පෙර වර්ෂ වලදී Google I/O දින කිහිපයක් පුරාවට පැවතියත් මෙවර Google I/O event එක දින දෙකකට පමණක් සීමා කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීද Google I/O වැඩසටහන online ආකාරයට පැවැත්වීමට කටයුතු කර තිබෙන අතර ඕනෑම අයෙකුට ඒ සඳහා නොමිලේ සහභාගිය විය හැකියි. කෙසේ වෙතත් Keynote එක සඳහා පමණක් සීමිත සහභාගීත්වයක් ඇතුව පැවැත්වීමට ඔවුන් කටයුතු සූදානම් කර ඇත.

Google I/O එක පැවැත්වීමට නියමිත දිනය සහ වේලාවට දක්වමින් Google සමාගම විසින් ඔවුන්ගේ Google I/O වෙබ් අඩවි​යේ countdown එකක්ද ඇතුලත් කර තිබෙනවා. ඊට අමතරව මෙවර Google I/O පිලිබඳව තවත් තොරතු​රු සඳහන් කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා. එම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට Google I/O වෙත සහභාගී වන්නේකු ලෙස ලියාපදිංචි විය හැකි අතර ඔබගේ Google Developer profile එකට I/O 2022 Attendeee නමි​න් නව badge එකක්ද ඇතුලත් කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

මෙම event එකේදී Google සමාගම විසින් ඔවුන්ගේ නවතම තාක්ෂණයන් සහ පවතින තාක්ෂණයන්ට සිදු කරන යාවත්කාලීන කිරීම සහ වැඩි දියුණු කිරීම පිළිබඳව නිවේදනය කරනු ලබනු ඇති අතර නවතම IoT තාක්ෂණය පිළිබඳවද ඔවුන් මෙහිදී හෙලිකරනු ඇත. මීට අමතරව පෙර වර්ෂයන්වලදී සිදු කලාක් මෙ​න් Android 13 පිළිබඳව​ද විශේෂයෙන් සඳහ​න් කරනු ඇත.

මේ වන තෙක් Google සමාගම විසින් Smart Watch එකක් නිකුත් කර නැතත් මෙහිදී ඒ පිළිබඳව ඉඟියක් හෝ තබනු ඇතැයි වාර්තා වනවා. එමෙන්ම Google Assistant, Google Maps, Chrome සහ අනෙකුත් Google සේවාවන් වල සිදුවන තාක්ෂණික වැඩිදියුණු කිරීම මොනවාද යන්න පිළිබඳව අපට මෙවර Google I/O 2022හිදී බලාගත හැකියි.