Loading...
Pixel 7හි පිළිබඳ ඉඟි පල කරමින් Pixel 6a, Pixel Watch සමඟින් තවත් උපාංග රැසක් හදුන්වා ​දේ

සෑම වසරකම පාහේ Google සමාගම විසින් වාර්ෂිකව මෘදුකාංග සංවර්ධකයන්ට පවත්වනු ලබන Google I/O event එක මෙම වසරේ මැයි 11 වන සහ 12 යන දෙදින තුළ පැවත්වුණා. මේ event එකේ  ප්‍රධාන දේශනය (Keynote) එක තුළින් සෑම වසරකම Google සමාගම විසින් අලුතින් නිකුත් කරන තාක්ෂණයන් සහ උපාංග පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනවා.

එහිදී Google සමාගම විසින් එළිදැක්වූ නව තාක්ෂණයන් හා උපාංග වල තොරතුරුයි මේ.

Pixel Series එකට අලුතින් එකතු වූ Pixel 6a

Image: Google

දැනටමත් $600ක් වැනි හොද මිලකින් යුත් Pixel 6 හී වටිනාකම Pixel 6a එළිදැක්වීමත් සමඟ තවදුරටත් ඉහල නංවනවා. බොහෝ හෙයින් එය Pixel 5a හි මිලට($449) සමාන අතර පසුගිය වසරේ ප්‍රමුඛතම දුරකථනවල තිබූ Tensor chip එකම මෙහිත් ඇතුලත් වනවා.

Pixel 6a මාදිලිය ජූලි 21 සිට pre order කීරීමටත් ජූලි 28 සිට වෙළඳපොළ හරහා මිලදී ගැනීමටත් හැකියාව ලැබෙන බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

එළිදැක්වීමට නියමිත Google Pixel 7හි Design එක

Image: Google

මේ වසරේ අග භාගයේදී එළිදැක්වීමට නියමිත  Pixel Buds Pro

Image: Google

Google හි මීළඟ TWE කට්ටලය ලෙස Pixel Buds Pro හදුන්වා දෙනවා. $200කට ආසන්න මෙම Buds Pro යුගල දැනට පවතින ඉහළ මට්ටමේ earbuds වන Apple, Sony සහ Samsung earbuds සමග තරග කිරීමට සමත්ය.

වසර අගදී එළිදැක්වීමට නියමිත Android 13 සමගින් Spatial audio පහසුකමද මේ සදහා ලැබෙන අතර මෙයද ජුලි 21 සිට Pre order කිරීමට හැකිවනවා.

Google සමාගමේ ප්‍රථම Smartwatch එක වන Google Pixel Watch

Image: Google

පාරිබෝගිකයන්ගේ දැඩි ඉල්ලුම මත Google විසින් නවතම විශේෂාංග සමගින් ඔවුන්ගේ Pixel watch එකක් නිවේදනය කරනු ලැබුවා. Round display සමඟින් twisng band එකක් සහිත ප්‍රථම wear os එක ඇතුළත් smart watch එක මෙය වනවා. Watch එක පිළිබද වැඩි විස්තර ඉදිරි මාස වලදී නිවේදනය කරනු ඇති.

Android 13 හි 2 වන Beta සංස්කරණය මැයි 12 වන දා සිට නිකුත් වෙයි.

Image: Google

Android 13 හි පළමු beta සංස්කරණය  දියත් කර සති කිහිපයක් පමණක් ගත වී ඇති නමුත්, තෙවන පාර්ශ්වීය නිෂ්පාදකයින් සමගින් එහි දෙවන සංස්කරණය ද පැමිණීමට නියමිතය. OnePlus, Lenovo සහ තවත් බොහෝ සමාගම් පිරිසක් මෙම සංස්කරණය එක සමඟ සම්බන්ධ වනවා.

Google Tensor මඟින් බලගැන්වෙන පළමු Tablet Device එක

Image: Google

පසුගිය වසරේ Android 12L නිකුත් කළ දා සිට, Google සමාගම විසින් Tablets වෙත ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිනවා.  I/O main key note එකේ hardware segment එකේ කොටසක් ලෙස Google සමාගම ලබන වසර සඳහා නවතම Tensor chip එකෙන් බලගැන්වෙන Tablet එකක් පිලිබදව කරුණු දක්වනු ලැබුවා. ඉදිරි දිනයකදී මේ පිළිබදවද වැඩි විස්තර එලි දක්වනු ඇති.

Google සමාගමේම AR Glass එකක් පිළිබඳව ඉඟි පළකරයි

Google සමාගම විසින් AR glasses පිළිබද සටහනක් තබමින් ඔවුන්ගේ main key note එක අවසන් කරේ නැවතත් Google Glass පිළිබඳ බලාපොරොත්තු ගෙන දෙමින්. එය කවදා වෙළදපොලට පැමිණේද යන්න හා තව බොහෝ දේ ඔවුන් විසින් දක්වා නැති වුවත් බොහෝ දෙනා මේ පිළිබද වැඩි දෙයක් ඉදිරි අනාගතයේදී බලපොරොත්තු වන බව නම් නිසැකයි.

ඉහත දැක්වෙනුයේ Google IO 2022 event එකේදී main key note එකේ විශේෂයෙන් සඳහන් කළ කරුණු කිහිපයක් වන අතර Google සමාගම ඔවුන්ගේ ඉදිරි නිෂ්පාදන පිළිබඳව වැඩි දුර තොරතුරු ඉදිරියේදී නිකුත් කළ සැනින් Android වැඩකාරයෝ අපි ඔබ වෙත ගෙන එන්නම්.