Loading...
Google I/O 2023 ගැන කෙටියෙන් දැනගමු

ලොව පුරා තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන සැවොම නොයිවසිල්ලෙන් බලා සිටි Google I/O 2023 ඊයේ දිනයේදී පැවැත්වුණා. මේ හා සමඟාමිව Dialog Axiata සහ IdeaMart ඊයේ සංවිධානය කර තිබුණ Google I/O Extended 2023 Sri Lanka Event එක රාත්‍රි 8.00 සිට කොළඹ Trace Expert City හිදි ඉතා සාර්ථකව පැවැත්වුණා. Android වැඩකාරයෝ අපිටත් මේ Event එකට සහභාගී වීම සඳහා අවස්ථාව ලැබුණ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව පුරා සිටින තාක්ෂණයට උනන්දුවක් දක්වන, මේ Event එක සඳහා ආරාධනා ලැබුණු සියල්ලම මෙන් පැමිණ සිටිමත් දක්නට ලැබුණා.

මෙලෙස ශ්‍රී ලංකාවේත් පැවැත්වුණ Dialog Axiata සහ IdeaMart විසින් සංවිධානය කරනු ලැබු Google I/O Extended Event එකේ රාත්‍රි 10.00 පමණ සිට California, Shoreline Amphitheaterහිදී පැවැත්වෙන ප්‍රධාන Google I/O Event එක සඳහා අපව සම්බන්ධ කරන්න කටයුතු කරනු ලැබුවා.


ඉතින් මේ ලිපිය ඔස්සේ අප ඔබ වෙත ගෙන ඒසට බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි Google I/O 2023 Event එකේදී Google සමාගම විසින් එළිදැක්විමට සහ නිවේදනය කිරිමට කටයුතු කළ ප්‍රධාන දේවල් පිළිබඳවයි.


Pixel Fold

Google සමාගමේ ප්‍රථම Foldable Smart Phone එක ලෙස Pixel Fold එළිදැක්විම සිදු කළ අතර මෙය අගල් 5.8ක OLED Secondary Display එකකිනුත් 120Hz Display Refresh Rate එකකින් සමන්විත අගල් 7.6ක OLED Main Display එකකින් ද සමන්විත වෙනවා. මෙයත් සුපුරුදු පරිදි Google Tensor G2 මගින් බලගැන්වෙනු ලබනවා.

Pixel Tablet

ඒ වගේම Google සමාගම විසින් නව අගල් 11ක Display Size එකකින් යුතු Tablet එකක් ද හදුන්වා දීම සිදු කළ අතර මෙය ඩොලර් 499ක මිලකට ඔවුන් හදුන්වා දීම සිදු කරනු ලැබුවා. මෙයත් සුපුරුදු පරිදි Google Tensor G2 මගින් බලගැන්වෙනු ලබනවා. මේ සඳහා Google සමාගම විසින් ලබා දී තිබෙන Magnetic Charging Dock එක ඔස්සේ මෙය Smart Display එකක් ද ලෙස භාවිත කළ හැකි වෙනවා. ඒ මේ Google Charging Dock එක Speaker එකක් ලෙසද ක්‍රියාත්මක වන නිසාවෙනි.

Pixel 7A

Google Pixel Series එකේ Midrange Device Series එකක් ලෙස නිකුත් වන A Series එකේ නවතම Device එක ලෙස Google Tensor G2 Chipset එක ඔස්සේ බලගැන්වෙන Pixel 7A Smart Phone එකක් මෙහිදි එළිදැක්විම සිදු වුණා. මෙය අගල් 6.1ක Display එකකින් සමන්විත වන අතර මෙය 90Hz Display Refresh Rate එකකින් ද සමන්විත වනවා. මේ Smart Phone එකේ ආරම්භ මිල ලෙස ඩොලර් 499ක් ඔවුන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Snapshots

Google Search සඳහා හදුන්වා දී ඇති නවතම AI Feature එක 'AI snapshots' ලෙසින් හදුන්වා දෙන්න පුලුවන්. මේ ඔස්සේ ඔබ Google Search කරන දෙයට අදාලව AI-powered Answer එකක් ලබා දෙන අතර ඒ ඔස්සේ ලැබෙන Follow-up Questions ඔස්සේ තවත් AI Powered Answer ලබා ගත හැකි වනවා.

මේ AI snapshots Google’s large language model (LLM) එකේ Updated Version එකක වන PaLM 2 ඔස්සේ බලගැන්වෙන අතර මේ පිළිබඳවත් Google සමාගම විසින් මේ Event එක ඔස්සේ නිවේදනය කරනු ලැබුවා.

Bard

Image Source - Google blog

Google සමාගමේ AI Powered Chatbot වන Google Bard ඊයේ දිනයේ සිට සියලු දෙනාට භාවිතය සඳහා විවෘත බවත් නිවේදනය කරනු ලැබුවා. ඒ වගේම Bard සඳහා Japanese සහ Korean භාෂාවල සහාය ලබා දී ඇති අතර මේ ඔස්සේ ලබා ගන්න Text, Google Docs වෙත සහ Gmail ⁣වෙත පහසුවෙන්ම හුවමාරු කිරීමේ හැකියාවත් ලබා දී තිබෙනවා. මීට අමතරව Bard සඳහා Dark Mode ලබා දීමටත් සුදානම් බවත් දක්වා නිවේදනය කරනු ලැබුවා.

AI-powered customization options for Android

Image Source - Google blog

ඒ වගේම Google සමාගම විසින් AI Powered Features Android සඳහාත් හදුන්වා දෙන බව මෙහිදි නිවේදනය කරා. ඒ අනුව Message සඳහා AI Suggestion මගින් Reply කිරිමේ හැකියාව ලබා දිම සඳහා Magic Compose නම් නව Feature එකක් Message App එක සඳහා හදුන්වා දී තිබෙනවා. මීට අමතරව AI ඔස්සේ ඔබගේම Wallpaper එකක් නිර්මාණය කර ගැනිමේ හැකියාවත් ලබා දී තිබෙනවා.

Wear OS 4

Image Source - Google blog

Wear OS 3 සම්පූර්ණයෙන්ම නිකුත් වි නොමැති වුවත් Google සමාගම විසින් මේ Event එකේදී Wear OS 4 පිළිබඳ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. Wear OS 4 ඔස්සේ Improved Battery Life, Watch Data back up සහ Restore කිරිමේ හැකියාව සහ නව Accessibility Features ලබා දීමට සුදානමින් සිටින බවට නිවේදනය කරනු ලැබුවා. Wear OS 4 නාල වශයෙන් එළඹෙන් වසරේදී නිකුත් කිරීමටත් බලාපොරොත්තුවෙන් පසුවෙන බව ඔවුන් මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

AI-powered Magic Editor

Image Source - Google blog

Google Photos සඳහා Magic Editor නම් නව AI-powered Editing Feature එකක් හදුන්වා දුන් අතර මේ ඔස්සේ ඔබට ඡායාරූපයක  වස්තුවක හෝ පුද්ගලයකු සිටින ස්ථානය වෙනස් කිරිම ආදි Edits රැසක් සිදු කළ හැකි වනු ඇත.

Duet AI for Workspace

Image Source - Google blog

මීට අමතරව Google සමාගම විසින් Duet AI නමින් AI Tools Docs, Sheets, Slides, Meet සහ Gmail සඳහා ලබා දී අතර මේ Duet AI Feature එක ඔස්සේ email ලිවිම, Slides සඳහා Image Generate කිරිම ආදිය සිදු කළ හැකි වනවා.

Sources: Google Blog