Loading...
Google I/O Extended Sri Lanka 2023 event එක පැවැත්වෙන්නේ මෙහෙමයි

සෑම වසරකම පාහේ Google සමාගම විසින් ඔවුන්ගේ නව නිෂ්පාදන හා නව තාක්ෂණයන් එළිදැක්වීමට මෙන්ම ඉදිරි නිෂ්පාදන පිළිබඳව තොරතුරු දනුම්වත් කිරීම සඳහාත් පවත්වනු ලබන Google I/O Event එක එළඹෙන මැයි 10 වන දින පැවැත්වීමට නියමිත බව Google සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙන අතර මේ වසර Google I/O Event එක ඔස්සේ AI නැතිනම් Artificial Intelligence පිළිබඳ විශේෂ අවධානයක් යොමු වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Android Developers Blog: Let's go. It's Google I/O 2023
Google I/O 2023 | Source: google.com

මේ Google I/O Event එකට සමගාමීව ශ්‍රී ලංකාවේත් Google I/O Extended Event එක Dialog Axiata සමාගම සහ IdeaMart සමඟ එක්ව සංවිධානය කරනු ලබනවා.

2016, 2017 සහ 2018 දී මේ Google I/O Extended Sri Lanka Event එක අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, 2016 වසරේ Google I/O Extended හි Main Keynote එකේදී Google සමාගමේ CEO වන Sundar Pichai මහතා විසින් පැවසූයේ USA හි ඇති Main Event එක හැරුණු කොට විශාලතම සහ අති උත්කර්ශවත් Event එක පැවැත්වෙනුයේ ​ශ්‍රී ලංකාවේ බවයි.

කෙසේ නමුත් 2019න් පසුව රටේ උද්ගත වු විවිධ ගැටලුකාරී තත්වයන් සහ 2020 සහ 2021 වසරවලදී ඇති වු වසංගතය තත්වයන් ද හේතුවෙන් මේ Google I/O Extended Event එක Social Media ඔස්සේ Live Stream එකක් මඟින් ගෙන ඒමට Dialog ආයතනය කටයුතු කළ අතරම පසුගිය වස⁣රේදී ද එලෙසම පැවැත්වීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

Recorded Live Stream of Google I/O Extended Sri Lanka 2022

ඒ අනුව මෙවර ශ්‍රී ලංකාවේ Google I/O Extended 2023 Event එක Dialog Axiata සමාගම සහ Ideamart සමඟ එක්ව එළඹෙන මැයි 10 වන දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානමින් පවතින බවට Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ නිල Facebook පිටුව ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

Source: Dialog Facebook Page

එළඹෙන මැයි 10 වන දින රාත්‍රී 8 සිට කොළඹ TRACE Expert City හිදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර මේ සඳහා ලියාපදිංචි විමේ හැකියාවත් දැන් ලබා දී තිබෙනවා. මෙහි සමඟාමි සජීව විකාශය Dialog Axiata Facebook පිටුව සහ YouTube නාලිකාව ඔස්සේ මෙන්ම Dialog TV නාලිකා අංක 126 ඔස්සේ ද නැරඹිමේ හැකියාව ලැබෙනවා.


මේ Google I/O Extended 2023 Sri Lanka Event එක පිළිබඳව තවත් තොරතුරු ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අපි සුදානම්.