Loading...
Google I/O 2024 පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නව නිෂ්පාදනයන් සහ තාක්ෂණයන් පිළිබඳව තොරතුරු එළිදැක්වීම සඳහා පවත්වනු ලබන Google I/O Event එක මේ වසරේදීත් පවත්වන්න සුදානම් බව Google සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Google සමාගම විසින් නිල වශයෙන් සඳහන් කර ඇති පරිදි මෙවර Google I/O 2024 Event එක මැයි මස 14 වන දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී Google සමාගම විසින් Gemini මගින් බලගැන්වෙන නව AI Features, Android 15 සහ Pixel 8a පිළිබඳව තොරතුරු ප්‍රකාශ කරනු ඇතැයි දැනට තහවුරු වී තිබෙනවා.

Google සමාගමේ Midrange Smartphone එක

Google සමාගමේ Midrange Smartphone එක ලෙස මේ Pixel 8a Smartphone එක නිකුත් වනු ඇති අතර මෙය පෙර වසරවල මෙන්ම Pixel 8 Series එකේ Design එකෙන්ම යුතු වනු බව කියන්න පුලුවන්.

Pixel Fold 2 සහ Tablet 2 නිකුත් වෙයිද ?

කෙසේ වෙතත් මීට අමතරව Pixel Fold 2 සහ Pixel Tablet 2 ද මෙහදී හඳුන්වා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වුවද තවමත් මේ Devices නිකුත්වේ යැයි සනාත කිරිමට තරම් තොරතුරු වාර්තා වී නොමැති වනවා.

Appleවලට Gemini Support එක ?

Apple සමාගම iOS සඳහා Google සමාගමේ Gemini සහාය ලබා ගැනීමට සුදානම් වන බවට මේ වන විට තොරතුරු හුවාමාරු වන අතර එය එසේ නම් ඒ පිළිබඳවත් මෙහිදි වැඩි දුර තොරතුරු එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Gemini මගින් Replace වන Google Assistant

මේ වන විටත් Google සමාගම විසින් ඔවුන්ගේ Apps සහ Services සඳහා AI සහාය ලබා දීමට කටයුතු කරමින් සිටින අතර ඒ අනුව Google Assistant, Gemini මගින් Replace වීමටත් නියමිතව තිබෙනවා. මේ Transition plan එක පිළිබඳව වැඩි දුර තොරතුරු මේ ඔස්සේ ඔවුන් ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Pixel 8 Proවලට නව Features

Google සමාගමේ High End Smartphone එක වන Pixel 8 Pro සඳහා නව on-device Features කිහිපයක් හඳුන්වා දෙනු ඇතැයි ද සඳහන් වනවා.

Android 15 ගැන තවත් දේ


Google සමාගම විසින් පළමු Android 15 Beta සංස්කරණය Aprilවල හඳුන්වා දීමට නියමිත අතර කෙසේ වෙතත් Android 15 ඔස්සේ ලබා දීමට නියමිත තවත් විශේෂාංග පිළිබඳව මෙහිදි හෙළි කරනු ඇත.

Source: io.google