Loading...
Google Drive, Gmail සහ Google Search ඇතුලු තවත් Google සේවාවන් කිහිපයක් තාවකාලිකව ඇණහිටී

මේ වන විට Gmail, Google Search, Google Drive ඇතුලු Google services කිහිපයක්ම ලොව පුරා වෙසෙන ඇතැම් පරිශීලකයන් හට භාවිතා කිරීමේ ඇනහිටීමක් වාර්තා වෙනවා. මේ වන විටත් 3,000කට අධික පිරිසක් මෙම ගැටළුව සම්බන්ධයෙන් Downdetector.com වෙබ් අඩවිය වෙත ඉතාමත් සුළුකාලයක් තුල දැනුම් දී තිබෙනවා. ඔවුන් පවසන අන්දමට ඇතැමෙකුට Gmail හරහා attachments යැවීමට නොහැකි ඇතර ඇතැමෙකුට නව ඊමේල් පණිවුඩ නොලැබීමේ දෝශයක් මතුව ඇත. තවත් විශාල පිරිසකට login වීමේ ගැටළුවක් ඇති වී ඇත අතර Google Driveහි files sync කිරීමේ ගැටළුවක් ඇති වී ඇති අතර app එක load නොවීමේ දෝශයක්ද හටගෙන ඇත.

Google Searchහි ඇණ හිටීමේ තත්වය අද දින දහවල් 12 වන විට වාර්තා වී තිබූ ආකාරය - Downdetector.com
Google Driveහි ඇණ හිටීමේ තත්වය අද දින දහවල් 12 වන විට වාර්තා වී තිබූ ආකාරය - Downdetector.com
Gmailහි ඇණ හිටීමේ තත්වය අද දින දහවල් 12 වන විට වාර්තා වී තිබූ ආකාරය - Downdetector.com

Google සමාගම විසින් G Suite පරිශීලකයන් විසින් කල විමසීම් වලට පිළිතුරු දක්වමින් මෙම සේවා ඇණහිටීමේ තත්වය තහවුරු කර ඇති අතර මේ වන විටත් ඔවුන් විසින් මෙයට හේතුව කුමක්ද යන්න අධ්‍යයනය කරමින් සිටින බව දැනුම් දී ඇත. මේ පිළිබඳ නවතම තත්වය Google සමාගමෙන් නිල නිවේදනයක් ලද පසුව සවිස්තරාත්මකව ගෙන ඒමට අප විසින් බලාපොරොත්තු වන්නෙමු.

Source: Downdetector.com, Gmail - Service Details, Google Drive - Service Details