Loading...
Google Pixel Superfansලාට Google Kings Cross වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට Google සමාගම සූදානම් ​වේ

ඔයා Google Pixel superfan කෙනෙක් නම් හොදින්ම දන්න දෙයක් තමයි එම සමාගම විසින් ඔවුන්ගේ එම Community එක හා සම්බන්ද වීමත් සමග වාසිදායක දේවල් බොහොමයක් ඔබට ලබා දෙන බව. ඒ අතරින් Pixel news, exclusive Q&A sessions with product and engineering leads වගේම Google සමාගමේ නවතම Events ගැනද ඉක්මණින් තොරතුරු දැනගන්න පුළුවන් වෙනව. ඉතින් Google සමාගම විසින් ඔවුන්ගේ pixel superfans ලට ඔවුන්ගේ ලන්ඩන් හී ඇති Google Kings Cross නැරඹීම සදහා අවස්ථාව ලබා දීමට සූදානමින් ඉන්නවා.

ඔවුන් මෙම Event එක ගැන තොරතුරු දන්වන්නේ “peek behind the curtain,” යනුවෙනුයි. ඒ කියන්නේ එම tour එකට සහභාගීවන සියලු දෙනාටම Google සමාගමේ සමාජගත කල නොකල ක්‍රියාවලීන් දැකගන්න පුළුවන් වෙන බවයි ඔවුන් පවසන්නේ. Google සමාගම Pixel superfans ලට Email පණිවිඩ මගින් මේ වන විටත් දන්වා තිබෙන්නේ තෝරා ගන්නා Pixel superfans ල 40ක් දෙසැම්බර් 05 වන දින Google Kings Cross නැරඹීමට රැගෙන යන බවයි.

මෙම event එකේදි Superfans ලට Live interview වලට සහභාගී විය හැකි අතරම මේ වන විට නිපදවමින් පවතින Google උපාංග කිහිපයක්ද දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබටත් මේ සදහා සහභාගී වීමට අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ Background context එකත් එක්ක Pixel දුරකථනයෙන් ලබා ගත් ඔබගේ photo එකක් Google වලට Upload කිරීමයි. එසේම මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ මෙම Event එක පිළිබද දැනුවත් කල Email එක ලැබුණු superfans ලට වන අතර අලුතින් superfan community එකට join වෙන අයට මේ අවස්ථාව නොලැබී යනව.

ඒ වගේම superfan community එකේ සාමාජික සාමාජිකාවන්ට Google සමාගමෙන් තවත් වාසිදායක දේවල් ලබා දීමට බලාපොරොත්තුවෙන් ඉන්න බවයි පවසන්නේ. Google සමාගම විසින් superfans ලට referral code ලබා දීමට සැරෙසන බවක් පවසන අතර ඒ මගින් ඔවුන් ලබා ගන්නා Google device සදහා ඉතාමත් හොද වට්ටම් ලබා දෙන බවයි පවසන්නේ.

ඉතින් ඔයත් Pixel superfan කෙනෙක් නම් ඔබටත් ඔවුන්ගේ announcement එක ලැබී තියෙනවනම් සුබ පැතුම් ඔබට වාසනාවන්ත superfan 40 දෙනා අතරට එකතු වීමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ වගේම තවත් නවතව තාක්ෂණික පුවත් දැනගැනීමට රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Source: www.androidpolice.com