Loading...
Google Photos සමඟින් video edit කිරීම සඳහා pinch-to-zoom පහසුකම beta users වෙත ලබා දීමට කටයුතු කරයි

ඔබට මතක ඇති ගිය වසරේදි Google Photos සඳහා Image Editor එකක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ඉට පසුව Google Photos හරහා photo edit කිරීමට නම් ඉදිරියේදී මුදල් ගෙවීමට සිදුවන බවත් තොරතුරු වාර්තා වුවා. මේ වන වි⁣ට Google Photo App එකෙන්ම Video Play කිරිමේ පහසුකම ලබා දි තිබෙනවා. මේ වන විට මේ App එකට Videos Rotate කිරිමේ හා Trim කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

ඒ අනුව යමින් මේ වන විට Google Photo App එක සදහා Video Play කිරිමේදි Zoom කිරිමේ පහසුකම ලබා දි තිබෙනවා. මෙය Double-tap Gesture මගින් හෝ Pinch-to-zoom මගින් සිදු කල හැකි වෙනවා. තවමත් මේ Features Beta Userලාට පමණක් Update එකක් මගින් ලබා දි තිබෙනවා.

Video එකක් Play කරන අතර තුරදි Double Tap කිරිම මගින් Video එක Screen එකේ ප්‍රමාණයට Zoom කර ගත හැකි වෙනවා. නැවත් වරක් Double Tap කිරිම මගින් Zoom Out කල හැකියි. එමෙන්ම Pinch කිරිම මගින් විඩියෝව චලනය කල හැකි වෙනවා.

Google Photo App එක මගින් Photo Editing සදහා Features ලබා දුන්නද මේ වන තුරැ Video Editing සදහා ලබා දි තිබෙන්නේ Rotate කිරිමේ හා Trim කිරිමේ හැකියාවන් පමණි. කෙසේ මෙලෙස හදුන්වා දුන් නව Feature එකත් සමග ඉදිරියේදි Video Editing සදහා ද නව Features හදුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

තවමත් Beta Userලාට පමණක් ලැබි තිබෙන මේ නව Feature එක සහිත Update එක ඉදිරියේදි සියලු Userලා සදහා ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: MobileSyrup, Android Police