Loading...
Android TV සේවාව Google TV ලෙස නම් කිරීමේ සූදානමක්

ඔයාලට මතක ඇති අපි කලින් ලිපියක් ගෙනාවා Google ආයතනය විසින් නවතා දැමු සේවා කියල. ඒ ලිපිය ඔයාලා කියවලා තියෙනවා නම් දන්නව Android TV කියන්නේ Google ආයතනය නවතා දැමු Product එකක් කියල.‌

ඉතින් එහෙම තියෙද්දිත් මේ Google TV කියල එන්න හදන්නේ මොකක්ද ?

කෙටියෙන්ම කියනව නම් මෙයාලා ආපහු Android TV සේවාව ආරම්භ කරන්න යන්නේ, හැබැයි පොඩි වෙනස්කමක් සමගයි.‌‌ ඒ Google TV නමින් Rename වෙමිනුයි.

ඒ වගේම ඔයාලට මතක නම් මේ විදිහට විටින් විට විවිධ සේවා Rename කරන්න මොවුන් කටයුතු කරල තියෙනවා. Android Market, Google Play Store විදිහටත් ‌‌Android Pay, Google Pay විදිහටත් Rename කිරිමටත් කටයුතු කරල තියෙනවා .

ඉතින් මෙහෙම Rename වෙලා එන Google TV එකට මේ පාරවත් අනෙක් නිෂ්පාදනය සමග තරග කරන්න හැකියාව ලැබෙනවද කියල බලමු

ඒ වගේම මේ අලුත් Google TV එකත් සමග පෙරට වඩා වෙනස් TV Remote එකක් හා TV Box එකක් ලබා දිමට සුදානම් බවට ඉගි පල වෙලා තියෙනවා.

TV Dongle 
TV Remote Control 

Google Tv පැමිණෙන්නේ දැවැන්ත වෙනසක් සමග. ඒ Chrome Cast Feature එකත් එකතු කල Tv Dongle එකක් විදිහටයි.‌‌ මේ Tv Dongle එක Black, White, and Light Pink colour වලින් නිකුත් වන බවට දැනට පලවි ඇති තොරතුරැ අනුව කියන්න පුලුවන්.

ඒ වගේම Google Assistant පහසුකමත් මේ හා එකතු කර තිබෙනවා. ඒ වගේම නවතම Google Tv එක මේ වගේ Features ගොඩකින් යුතු එකක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්.