Huawei සමාඟමේ උප වෙළඳ නාමයක්ව තිබූ Honor දුරකථන සඳහා නැවතත් Google Apps සහ Services ලබා දීමට තීරණය කර ඇත.
Honor Germany නමින් හැඳින්වෙන Honor උප වෙළඳ නාමය සඳහා ජර්මන් බසින් පවත්වාගෙන යන Twitter පිටුව හරහා ඔවුන් මේ බව සනාථ කර ඇත. ඉදිරියේදී පැමිණීමට නියමිත Snapdragon 778 චිප්සෙට් සහිත දුරකථන මාදිලිය සමඟ Google Services ලබා දෙන බව එම Twitter පිටුවේ අසන ලද පැණයකට පිළිතුරු ලෙස Honor සමාඟම පවසා ඇත.
Freut euch auf unsere neue Premium-Serie #honor50series, die auf der neuesten mobilen Plattform Snapdragon 778G 5G basiert! pic.twitter.com/F40Mcf2Pg4
— HonorDE (@HonorGermany) May 21, 2021


2019 වසරේ මැයි මස Huawei සමාඟම වෙත ඇමරිකානු රජයෙන් පනවන ලද සම්බාධක වලින් පසුව Google Services සමඟ පැමිණෙන ප්‍රථම දුරකථනය ලෙස මෙම Honor 50 දුරකථනය හඳුන්වාදිය හැක.
මේ වන විට, Honor නම් වෙළඳ නාමය ස්වාධීන වෙළඳ නාමයක් බවට පත් කර ඇති අතර එම වෙළඳ නාමය යටතේ, Qualcomm, Intel වැනි සමාඟම් අතර මෙතෙක් බිඳ වැටී තිබූ සබඳතා නැවත ඇති කරගැනීමටත්, විශාලම අඩුපාඩුවක් වූ Google Services සේවාවන් ද නැවත ලබාගැනීමටත් හැකිවනු ඇත.
මෙම නව තීරණයත් සමඟ, Honor 50 සහ මේ වන විට ඉඟි පළකර ඇති Snapdragon 888 චිප්සෙට් සහිත නව දුරකථනය ආදී දුරකථන ආසියානු සහ යුරෝපියානු වෙළඳපල වෙත එළි දක්වමින්, Honor වෙළඳ නාමය සඳහා පෙර පැවති ආකාරයේ ප්‍රමුඛ ස්ථානයක් නැවත අත්කර ගැනීමට හැකිවනු ඇතැයි අනුමාන කළ හැක.
නව Honor දුරකථන වල ආගමනයත්, ඒ ඒමඟ නැවතත් Google Services ලබා දීමත්, Huawei Honor පාරිභෝගිකයන් සඳහා නම් සුබ ආරංචියක් වනු ඇත.
Source: Android Authority