රුසියාව හා යුක්රේනය අතර ඇතිවී ඇති දරුණු යුධ ගැටුම් හේතුවෙන් යුක්රේනයේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ ආරක්ශාව උදෙසා, යුක්රේනය සදහා වන Google Maps හී Live Trafic Information හා ප්‍රදේශ කොතරම් කාර්යබහුල ද යන වග පිලිබද තොරතුරු ලබා දෙන සියලු මෙවලම් වල සහය ලබාදීම ඉරිදා (පෙබරවාරි 27) දින සිට තාවකාලිකව නවතා දැමූ බව Alphabet Inc මවු සමාගමට අයත් Google සමාගම මේ වන විට දැනුම් දී තිබෙනවා. මෙම තීරණය යුක්රේනය අදාල නිලධාරීන් සමග සාකච්චා කිරීමේන් අනතුරුව ලබාගත් බවද ඔවුන් වැඩි දුරටත් සදහන් කරනවා.
Google සමාගම පවසන ආකාරයට ඔවුන් මෙම තීරණයට එලබී ඇත්තේ රුසියාව, යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සදහා Goole Maps හී Live Trafic Information හා ප්‍රදේශ කොතරම් කාර්යබහුල ද යන වග පිලිබද හෙලිවන මෙවලම් යොදාගන්නා බවට තොරතුරු තහවුරු වීමෙන් අනතුරුවය.
Source - ndtv.com