Loading...
GoPro සමාගමේ නවතම action camera එක වන GoPro Hero 10 Black එළිදක්වයි

GoPro සමාගම විසින් ඔවුන්ගේ නවතම action camera එක නවමු විශේෂාංග රැසක් සමඟින් එළිදක්වා තිබෙනවා. අලුත් ප්‍රොසෙසරයක් ලබා දී ඇති නිසා, තත්පරයට වැඩි frames ගණනක් ද (වඩාත් හොඳ slow-motion අත්දැකීමකට), හොඳ ස්ථාවරත්වයක් ද (stabilization) සහ charge වන විට ස්වයංක්‍රීයවම video upload වීමටත් දැන් මෙහි පහසුකම් ලබා දී තිබෙනවා.

එම නිසා දැන් වඩාත් වේගවත් සහ ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට GoPro Hero 10 Black කැමරාවට හැකියාව ලැබී තිබෙනවා.

Image: TheVerge

ප්‍රකාශ කර ඇති ආකාරයට Hero 9 ට වඩා දෙගුණයක් වැඩි frame rate එකක් මෙම කැමරාවට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එනම් 5.3K resolution ඇති video, 60FPS (තත්පරයට 5.3K resolution ඇති images 60ක් ගබඩා කරගත හැකි video) record කිරීමට හැකියාව ඇති අතර, 4K වලින් 120FPS ද, 2.7K  වලින් 240FPS ද record කිරීමට හැකියි.

Hero 9 හි 240FPS record කිරීමට හැකි වුයේ 1080p වලින් පමණයි.

GP2 ලෙස හඳුන්වන නව ප්‍රොසෙසරය නිසාවෙන් (GoPro Hero 6 Black සිටම තිබුනේ GP1 ප්‍රොසෙසරයයි) මෙවැනි විශාල වෙනසක් අත්කර ගැනීමට හැකි වූ බව ඔවුන් පවසනවා. එය smartphone වල භාවිත වන ප්‍රොසෙසර් සමඟ කරට කර සිටින බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

Image: GoPro

Smartphone ගැන සලකන විට, charge වන විටම cloud එකට video upload කිරීමට හැකි වීමත් කැමරාවකට විශාල පියවරක් ලෙස සලකන්න පුළුවන්. GoPro subscription සේවාව මගින් ඔබට මසකට $5 හෝ වසරකට $50 ලෙස cloud storage මිලදී ගැනීමට පිළිවන්. එසේම subscription එකත් සමඟම මිලදී ගන්නවා නම් කැමරා වල මිලත් අඩු වෙනවා. Hero 10 Black එක $100 කින්ම අඩු වනවා.

Image: TheVerge

බොහෝ විට ලංකාව වැනි රටවල නම් තිබෙන බිල් මදිවට GoPro බිලක්ද එකතු කරගන්න බහුතරය කැමති වන්නේ නෑ. නමුත් ඔබට පෙර සේම smartphone එකට video transfer කරගත හැකි අතර එය කලින්ට වඩා 30% ගුණයක වේගයෙන් කළ හැකියි. එසේම (තවමත් දත්ත හුවමාරු කිරීමේ හොඳම ක්‍රමය වන) cable එකක් හරහාද එය වඩාත් ආරක්ෂාකාරීව ඉටු කළ හැකියි.

GoPro සමාගමේ හොඳ තුරුම්පුවක් වන video stabilizing ද Hero 10 Black සඳහා වඩාත් දියුණු කර තිබෙනවා. දැන් ඔබට කැමරාව අංශක 45ක් දක්වා video එක එල්ලේ තිබෙන ලෙස එහා මෙහා හැරවිය හැකියි. නමුත් මෙම "horizon leveling පහසුකම ලබා ගැනීමට හැකි උපරිම setting එක නම් 4k 60FPS පමණයි. (වැඩිත් එක්ක නේද?)

Image: TheVerge

එසේම normal photography සඳහාද සුළු වැඩි දියුණු කිරීම් කර තිබෙනවා. 20MP සිට 23MP දක්වා මෙගාපික්සල් වැඩි කර තිබෙන අතර, 19.6MP සහ 15.8MP still frames, video මගින් (පිිළිවෙලින් 5K 4:3 හා 5.3K60) ලබාගැනීමට හැකියාව තිබෙනවා.  

Hero 9 සඳහා සහය දැක්වූ add-ons සියල්ලම පාහේ 10 එක සමගත් භාවිත කිරීමට හැකි බව GoPro සමාගම පවසා ඇති අතර, stock lens එකටත් ජලයේදී භාවිත වන විට, සහ සිරීම් වලට වඩාත් හොඳින් ඔරොත්තු දෙන ලෙසට වැඩි දියුණු කිරීම් කර තිබෙනවා. එසේම තවත් විශාල software update එකකුත් නොවැම්බර් 16 වනදා මෙයට ලැබීමට නියමිතයි. එමගින් GoPro හි Max lens mod support එක මේ සඳහා ලැබෙන බව ඔවුන් කියා සිටියා.

GoPro හි Max lens mod add on එක. Image : GoPro

Review

The Verge වෙබ් අඩවියේ video director වන Becca Farsace, මෙම නව කැමරාවේ review එකක් පළ කර තිබුණා. එහිදී ඇය කියා තිබු කරුණු කිහිපයක් පහත දැක්වෙනවා.

හොඳ

  • 5.3K 60fps and 4K 120fps
  • වඩා ඉක්මන් photo සහ video recording පහසුකම
  • Hero 9 add-ons සඳහා සහය දැක්වීම

නරක

  • මිල අධික බව
  • සාමාන්‍ය බැටරි ආයු කාලය
  • අඩු ආලෝක තත්ත්ව යටතේ ගන්නා footages වල grain (තිත් සහිත ස්වභාවය) එකක්ද, smooth කරද තිබීම

අවසානයේ ඇය කියා සිටියේ GoPro 8 හෝ ඊට වැඩ පැරණි මාදිලියක සිට මෙයට මාරු වීම විශාල වෙනසක් වුවත් Hero 9 Black සිට මෙම නව කැමරාවට මාරු වීම නම්, විශාල වෙනසක් ඇති නොකරන බවයි.

ඇතැම් විට මෙම නව ප්‍රොසෙසරය සමඟින් වඩාත් දියුණු වූ මාදිලි ඉදිරියේදී පැමිණෙන්න පුළුවන්.