ශ්‍රී ලංකා රජය විසින් සුඛෝපභෝගී භාණ්ඩ කිහිපයක් මෙන්ම අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන වෙනත් භාණ්ඩ ද ආනයනය කිරීම දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කරන බව අද උදෑසන Ceylon today ඇතුළු Online පුවත්පත් ගණනාවක්ම වර්තාකොට තිබුණා.
මෙසේ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති භාණ්ඩ අතර ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ හා විදුලි උපකරණ ආදියද ඇතුලත් බව පුවත්පත්වල සදහන් වී තිබෙනවා.
කෙසේ නමුත් මෙලෙස සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැත බව මුදල් ලේකම් එස්.ආර්. ආටිගල්ලේ මහතා ප්‍රකාශ කර ඇති බව news first වෙබ් අඩවිය වර්තාකොට තිබෙනවා.
Source: News First, Ceylon Today