Loading...
Hacktoberfest '20 Sri Lanka - නිදහස් මෘදුකාංග ජවබල ගන්වන්නට

මොකක්ද මේ Hacktoberfest ?

මේ ඉවෙන්ට් එක සංවිධානය කරන්නේ DigitalOcean, intel  සහ Dev කියන සමාගම් වල සහයෝගීතාවයෙන්. ඒ වගේම ලොව ප්‍රසිද්ධ සමාගම් රාශියක්ම මේ ඉවෙන්ට් එකත් එක්ක අත්වැල් බැදගන්නවා. මේ ඉවෙන්ට් එකේ තියෙන විශේ​ෂත්වය තමයි මේක සංවිධානය කරන්නේ ලොව පුරා ඉන්න නිදහස් මෘදුකාංග නිර්මාපකයන් දිරි ගන්වන්න.

මේ ඉවෙන්‍ට් එක හැම අවුරුද්දකම ලොව පුරාම ඔක්තෝම්බර් මාසයේදි තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේ අවුරුද්දෙ දිත් මේ ඉවෙන්ට් අති සාර්ථක විදියට මාසයක් පුරාවටම පැවැත්වෙනවා. ඒ වගේම මේ මේන් ග්ලෝබල් ඉවෙන්ට් එකට සම්ගාමීව තියෙන චැලෙන්ජ් එකටත් ඕනෙම කෙනෙක්ට සම්බන්ධවෙන්න පුලුවන්. මේකට කරන්න තියෙන්නේ GitHub එකේ Hacktober fest ටොපික් එක යටතේ තියෙන Public Repository හතරකට වලංගු Pull Request දාලා සම්බන්ධ වෙන එක. ඒ වගේම මේ ප්‍රොජෙක්ට්ස් වල Contribution කලාට පස්සේ ගිෆ්ට් පැක් එකකුත් ලබාගන්න අවස්ථාව තියෙනවා.

මේ ඉවෙන්ට් එකේ ශ්‍රී ලංකාවේ මේන් ඉවෙන්ට් එක පසුගිය 23 වෙනිදා Virtual Online ඉවෙන්ට් එකක් විදියට පැවැත්වුනා FOSS Sri Lanka සහ Mozilla Sri Lanka සංවිධානයෙන්. ඒ වගේම මේ ඉවෙන්ට් එකට සමගාමීව තවත් ඉවෙන්ට්ස් හා Hackathon සංවිධානය කරලා තිබුනා. ඒ වගේම මේ ඉවෙන්ට් එකට ඕනෙම කෙනෙක් ට සහභාගී වෙන්න පුලුවන්. නිදහස් මෘදුකාංග සංවර්ධනය ගැන උනන්දු වෙන සහ ඒ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වෙන්න කැමති අයට මේ ඉවෙන්ට් එක හොද අවස්ථාවක්. ඒ වගේම අලුත් ටෙක්නොලොජීස් ගැන ප්‍රවීණයන්ගෙන් දැන ගන්නත් මේ ඉවෙන්ට් එකේදි පුලුවන්. ශ්‍රී ලංකාවේ පැවැත්වුනු මේන් ඉවෙන්ට් එකේ පෙලගැස්ම තිබුනේ මේ විදියට,

Ruwan Ranganath -  Lead at FOSS Sri Lanka/Mozilla Sri Lanka

Keynote

Using GIT and Dance around it


Dhanushka Chandana – Associate Tech Lead at Cambio Software Engineering

GIT and Building your first project on GitHub

Tharindu Madusanka – Associate Tech Leat at Cambio Software Engineering

සිඞහල in Binary

Chamod Sandaru – Lecturer, Mozilla Rep/FOSS Sri Lanka community

Why MOZ://A?

Vihari Punchihewa – Community Member of FOSS Sri Lanka

Introduction to Women in FOSS

Rajitha D. –  My First PR on GitHub


Sachintha Keddagodage – UI/UX Engineer

Think and Design

විශේශයෙන්ම මේ පාර පැවැත්වුනු Hacktoberfest 20 Sri Lanka ඉවෙන්ට් එකේදි ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් කතාබහට ලක්වුනා.ඉවෙන්ට් කී නෝට් එකේදි යම් අදහසක තියෙන වටිනාකම සහ අපි යම් Project එකකට දක්වන සපෝට් එකේ වටිනාකම ගැන ඉතා රසවත් අදහස් ලබා ගන්න පුලුවන් වගේම Git සහ GitHub කියන්නේ මොනවද? සහ මේ ප්ලැට්ෆෝර්ම්ස් අපේ ප්‍රොජෙක්ට් එකකට යූස් කරන්නේ කොහොමද? කියලා ඉතා සරලව විස්තර කරන සෙශන් එකකින් සමන්විතයි.

විශේ​ෂයෙන්ම සිංහල භාශාව ඩිජිටල් ස්පේස් එකේ යූස් කරද්දි එන ගැටලු වලට සොලුශන් විදියට මේ වෙද්දි ක්‍රියාත්මක වෙන ප්‍රොජෙක්ට් ගැන වගේම මේ ප්‍රොජෙක්ට් වලට Contribution එක දෙන්නෙ කොහොමද කියන එ​ක ගැනත් මේ ඉවෙන්ට් එකෙදි දැනගැනීමේ අවස්ථාව හම්බවෙලා තිබුනා සහ Mozilla ගැන සහ Mozilla Products ගැන ගොඩක් වටින සෙශන් එකක් පැවැත්වුනා. ඒ වගේම IT ඉන්ඩස්ට්‍රි එකේ කාන්තා නියෝජනය සහ FOSS වලට කාන්තා පාර්ශවයේ දායකත්වයේ වටිනාකම සම්බන්ධයෙනුත් විශේශ සෙශන් එකක් සංවිධානය කරලා තිබුනා.මේ ඉවෙන්ට් එකේ තිබුනු විශේ​ෂම සෙශන් එකක් විදියට GitHub Pull Requests ගැන තිබුනු සෙශන් එක හදුන්වන්න පුලුවන්.

මේ සෙශන් එකේදි නිවැරදිව Pull Request හැන්ඩ්ල් කරන විදිය ගැන සර​ළව පැහැදිලි කරලා තිබුනා. ඒ වගේම තවත් වැදගත් ඩිසයිනින් ෆ්‍රේම්වර්ක් එකක් ගැන සෙශන් එකක් තිබුනා. මේකේ විශේ​ෂත්වය වෙන්නේ මේ ෆ්‍රේම්වර්ක් එක නිර්මාණය කරන්නේ අපේම ඩිවලොපර්ස්ලා වීම.මේකට Contribute වෙන්න පුලුවන් විදිය සහ මේ ගැන විස්තර ගොඩක් මේ සෙශන් එකේදී කතා වුනා.

ඉතින් මේ පාර මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්න බැරි වුනා නම් උඩ ලින්ක් එකෙන් FOSS SriLanka යූ ටියුබ් චැනල් එකට ගියොත් සම්පූර්ණ ඉවෙන්ට් එකම බලන්න පුලුවන් හැකියාව තියෙනවා,ඒ වගේම ඔයාලා හැමෝටම ආරාධානා කරනවා ඊළග අවුරුද්දේ තියෙන Hacktoberfest එකට සහභාගී වෙන්න කියලා.