Loading...
Android 17 Update එක ලැබෙන POCO Smartphones සහ Tablets ලැයිස්තුව මෙන්න

Google සමාගමේ නවතම Android 17 (Cinnamon Bun) OS එකේ Beta Versions මේ වන විට නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර මේ වසර ජුනී මාසය පමණ වන විට Android 17 Stable Version එක Google Pixel Devices සඳහා මුලින්ම නිකුත් වනු ඇත. එමෙන්ම මේ වන විටත් මේ නව Android Version එක සඳහා වන මූලික පරීක්ෂණ කටයුතු Xiaomi සමාගම විසිනුත් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ සඳහා සුදුසුකම් ලැබිය හැකි උපාංග ලැයිස්තුව මේ වන විට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. මෙම Android 17 Update එක Xiaomi සමාගමේ නවතම HyperOS 3 හෝ HyperOS 4 සමඟ පැමිණීමට නියමිතයි.

Android 17 ලැබීමට නියමිත POCO උපාංග ලැයිස්තුව

පහත දැක්වෙන්නේ දැනට පවතින තොරතුරු අනුව Android 17 ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති POCO උපාංග කාණ්ඩ කිහිපයයි;

POCO Smartphones

  • F-Series: POCO F8 Pro, F8 Ultra, F7, F7 Pro, F7 Ultra, F6 සහ F6 Pro
  • X-Series: POCO X8 Pro, X8 Pro Max, X7, X7 Pro සහ X6 Pro
  • M-Series: POCO M8 5G, M8 Pro 5G, M7 4G, M7 5G සහ M7 Plus
  • C-Series: POCO C85 4G, C85 5G සහ C71

POCO Tablets

  • POCO Pad M1
  • POCO Pad X1

Pixel Devices සඳහා 2026 ජුනි මාසය වන විට Android 17 Stable Version එක නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන් වන අතරම ඉන් අනතුරුව POCO පරිශීලකයින් සඳහා ඔවුන්ගේ නවතම HyperOS සංස්කරණය සමඟින් මෙම යාවත්කාලීනය ලැබීමට නියමිත වනවා.

Source: www.gizmochina.com xiaomitime.com