Loading...
කොහොමද deactivate නොවී Etsy Account එකක් හරියට හදාගන්නේ? (පාඩම් අංක 01)

ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි Account එක හදල දවසක් වගේ යද්දි Etsy Account එක Deactivate වෙන එක මේකට මම ක්‍රම ගොඩක් Try කරල බලලා සාර්ථකම ක්‍රමය මම ඔයාලට කියල දෙන්නම්. හැබැයි මේ ක්‍රමය කියල දුන්නට පස්සේ Etsy Account විකුණන ගොඩක් අය මාත් එක්ක තරහ වෙන්නත් පුළුවන්. අපි දැන් වැඩේට බහිමු. අපි මුලින්ම බලමු.

මොනවද ඔයාගෙ අලුත් Account එක Deactivate වෙන්න බලපාන හේතු

  1. ඔයා කලින් ඔයාගෙ Pc එකේ Esty Account එකක් හදල ඒක Deactivate වෙලා තිබ්බනම් ඔයා ඒ Pc එකේම ඒ User Account එකේම ආයෙත් අලුතින් Account එකක් හැදුවොත්.
  2. ඔයා කලින් Deactivate Account එකක ලිස්ටි කරලා තිබුන Item එකක් ඒ Photos , Title වලින්ම ආයෙ List කලොත්.
  3. ඔයා කලින් Deactivate වුන Account එකක Use කරපු Bank Card එකම ආයෙ අලුත් Account එකටත් Use කලොත්.
  4. මේක ගොඩක්ම බලපාන්නෙ Dropshipping කරන අයට මොකද ඔයාල AliExpress එකේ Photos අරගෙන Etsy එකේ List කරන කොට මේ Photos වෙනකෙනෙක් ඔයාට කලින් Etsy එකේ දාල තියේනම් අනිවාරෙන් එවේලෙම ඔයාගෙ Account එක Deactivate වෙනව.
  5. ඔයා Etsy එකේ තියෙන Product වල Title Copy, Past කලොත්.
  6. ඔයාගෙ IP එක නිතර නිතර වෙනස් වෙනවානම් ඒකත් එක හේතුවක් තමයි Account එක Deactivate වෙන්න ඒ නිසා VPN පාවිච්චි කරන අය පරිස්සම් වෙන්න.

මෙන්න මේ හේතු නිසා ඔයාගෙ Etsy Account එක Deactivate වෙන්න පුළුවන්. අපි බලමු දැන් ඇලුතෙන් Etsy Account එකක් හදන කෙනෙක් කොහොමද Account එක Deactivate නොවී හදාගෙනෙ කියලා. මුලින්ම ඔයා කලින් Etsy Account එකක් හදල Deactivate වුන කෙනෙක් නම් අනිවාරෙන්ම ඔයා අලුත් User එකක් හදන්න PC එකේ ඒ වගේම මතක ඇතුව WIFI Router එකත් Reset කරන්න කරලා Google Chrome Portable Browser එක ඒ අලුත් User එකට Install කර ගන්න. මෙතනින් Chrome Portable Browser Download කරගන්න.

මේ දේවල් කරන්න ඕන කලින් Account එකක් හදලා Deactivate වුන අය විතරයි. දැන් ඔයා අලුත් මේල් Address එකක් හදාගන්න නැතිනම් ඔයා දැනට පාවිච්චි කරන Etsy Account එකක් නැති මේල් එකක් මේකට පාවිච්චි කරන්න. මේකට Outlook, Hotmail වගේ මේල් එකක් පාව්ච්චි කරනවානම් ගොඩක් හොදයි. දැන් Etsy Website එකට යන්න ඊටපස්සෙ මේ Site එකේ වම්පැත්තෙ Sign in Button එක Click කරලා එතන උඩින් එන Register Button එක Click කරලා E-mail එක නම Password එක දීලා Register වෙන්න. මෙතනින් Etsy එකට යන්න.

දැන් මේ හදාගත්ත Buying Account එක දවස් තුනක් වගේ පරන කර ගන්න.ඊට පස්සෙ තුන්වෙනි දවසේ මේ Account එකේ Selling Active කරගන්න ඕන ඒකට වම් පැත්තෙ උඩ තියෙන Cart Icon එකට මෙහා පැත්තෙ තියෙන Icon එක Click කරාම පහලට එන Menu එකේ තියෙන Sell On Etsy කියන එක Click කරන්න. ඊට පස්සෙ එන Page එකේ තියෙන Open your Etsy shop කියන එක Click කරන්න.

ඊට පස්සෙ එන Page එකේ ඔයාට අවශය විදියට ඕන දෙයක් මාරු කරනගන්න Shop country සහ Shop currency එක නැතුව දැන් Save And Continue කරන්න ඊට පස්සෙ එන Page එකේ Store Name එක දෙන්න. දැන් Save And Continue කරන්න. දැන් අලුතින් එන Page එකේ තියෙන්නෙ ඔයාගෙ First Listing එක දාන්න මේකෙ Add a Listing Click කරලා ඔයාගෙ First Listing එක දාන්න මම මෙතන Listing එක දාන විදිය කියල දෙන්නෙ නෑ මොකද Post එක ගොඩක් දිග වෙන නිසා.මෙතනදි අනිවාරෙන් මේ Listing එකට ඔයා ලග තියෙන දෙයක්ම List කරන්න. මම වෙන Post එකකින් Listing එක හරියට දාන විදිය කියලා දෙනවා විස්තරාත්මකව.

දැන් Listing එක දාලා ඉවරනම් Save And Continue කරලා ඉස්සරහට යන්න. දැන් අලුතින් එන Page එකේ තියෙන්නේ ඔයාගෙ PayPal එක Add කරන්න. PayPal එකක් හරියට හදාගන්න විදිය YouTube එකේ සිංහලෙන් ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒක දැන් මම කියල දෙන්නෙ නෑ.

මෙතනට ඔයාගෙ PayPal Mail එක දීලා Save and Continue කරන්න. මේ Page එකට ගියාම ඔයට Pop Up එකක් ඒවි Mail එකක් Confirm කරන්න. ඔයා දැන් Mail එකට Log වෙලා බලන්න Etsy එකෙන් Mail එකක් ඇවිත් ඇති Mail එක Confirm කරන්න. Mail එක Confirm කර ගත්තට පස්සෙ ඔයාට ඔයාගෙ Card Details, නම, Address Fill කරන්න Form එකක් එනවා. මේකෙදි ඔයා කලින් Account වලට දීපු කිසිම විස්තරයක් මේ Account එකට දෙන්න එපා. මොකද එහෙම උනොත් ඔයාගෙ මේ Account එකත් Deactivate වෙන්න පුලුවන් (ඔයාට HNB Bank Card එකක් නම් තියෙන්නෙ මෙතනට Add කරන්න දෙන්නෙ නෑ ඔයා Bank Card Center කතා කරල ඒක හදා ගන්න ඕන)

ඔයාට මේකට Add කරන්න Card එකක් නැතිනම් Virtual Card එකක් Add කරන්න පුලුවන්.දැන් පහල Save Button එක Click කරන්න. දැන් ඔයාගෙ Etsy Store එක හදලා ඉවරයි.අපි ඊලග Article වලින් බලමු ඊලග වැඩ ටික කොහොමද හරියට කරගන්නේ කියලා.එහෙනම් හැමෝටම ජය.