Loading...
Customer කෙනෙකුගේ විශ්වාසය ඇති වෙන ආකාරයට Etsy Store එක හදා ගමු (පාඩම් අංක 02)

අපි අද කතා කරන්නේ කොහොමද අපි අපේ Etsy Store එකට Sales ලැබෙන විදියට හා පාරිභෝගිකයකුගේ විස්වාසය ඇති වෙන ආකාරයට Customize කර ගන්නේ කියන දේ. මේක අපි Listing කරලා Store එකට Traffic ගෙන්නව ගන්නට කලින් කරන්න ඕන දෙයක්.

අපි මුලින්ම කරන්න ඕනේ අපේ Etsy Shop Manager එකට යන එක. ඊට පස්සේ වම් පැත්තේ යටට වෙන්න තියෙනවා Sales Channels කියල තැනක්. එතන තියෙනවා පැන්සලක් වගේ Icon එකක්, ඒක Click කරලා අපි අපේ Store එකට යන්න ඕන.

දැන් ඔයා ඉන්නේ ඔයාගෙ Store එකේ මේකෙ අපි මුලින්ම  කරන්න ඕන අපේ Store Store Logo එක හදල දාන එක. ඔයාට Photoshop වගේ Software Use කරන්න පුළුවන් නම් මේක ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් නමුත් හැමෝටම Photoshop වල වැඩ කරන්න බැරි නිසා මම ඔයාලට ඊට වඩා ලේසි ක්‍රමයක් කියල දෙන්නම්. මේකට අපි යොදා ගන්නේ Canva කියන වෙබ් අඩවිය මේකෙන් ඔයාලට Free Logos හදාගන්න පුළුවන් ලේසියෙන්ම.

2.Store Banner

දැන් Logo එක හදලා අපේ Store එකට Upload කරගන්න ඕන. Upload කරගත්තට පස්සේ Logo එක වගේම අපි අපේ Store Banner එක ගැනත් හොද අවදානයක් යොමු කරන්න ඕන. මේකෙදි ඔයාලට ඔයා Store එකේ විකුණන්න අදහස් කරන දේවල් ගැන වගේම ඔයාල Discount දෙනවනම් ඒ ගැන Customer ට Idea එකක් දෙන්න පුළුවන්.

3.Personal Profile

ඔයාගෙ Personal Profile එක පෙන්වනවා දකුණු පැත්තේ ඒකටත් ඔයාට කැමතිනම් ඔයාගෙ Photo එකක් Upload කරන්න පුළුවන් ඒක ඔයාගෙ කැමත්තක් ඒක අනිවාර්‍ය නෑ.

4.Store Description

අපේ Store Name එකට යටින් තියෙනවා ඔයාගෙ Store එක ගැන පොඩි Description එකක් Add කරන්න. මේක අනිවාරෙන් ලියන්න මොකද මේක තමයි ඔයාගෙ Store එක Google එකෙ Search වෙනකොට මුලින්ම පෙන්වන්නේ. මේක ලියනකොට ඔයා විකුණන Product ගැන වැඩිපුරම හොයන වචන යොදාගෙන ලියන්න ඕන ඒ කියන්නේ Keyword යොදාගෙන. Keyword හොයන විදිය මම ඉදිරියට කියල දෙන්නම් ඒ ගැන සම්පූර්ණ SEO Post එකක් ලියන්නම්.

මෙතන ඔයාලගෙ Best Selling තියෙන Items නැතිනම් අලුතින් List කරන Items, Offers තියෙන Items දාන්න පුළුවන්. ඒකෙන් ඔයාගෙ Store එකට එක කෙනෙක් ඒ Product එකක් Buy කරන්න පෙලබෙන්න පුලුවන්.

6.Shop Announcement

ඒකෙන් ඔයාට පුළුවන් ඔයාට Customer ට පේන විදියට Shop එකේ Announcement Display කරන්න. Shop About මෙතන Videos, Photos ඔයාලගෙ Business එක ගැන විස්තරයක් ඒ වගේ Social Media Links ඔයා මේ Store එක කරන්නෙ තව අය එකතු කරන්නම් ඒ ගැන විස්තර එකතු කරන්න ඕන.

7.Shop Policies

මේක නම් අනිවාරෙන්ම Store එකට එකතු කර ගන්නම ඕන එකක්. ඒ තමා Shop Policies.මේක ඔයාට පහසු ආකාරයට වෙනස් කර ගන්න.

8.FAQs

ඊට පස්සෙ තියෙන්නෙත් ඒ වගේම විශේෂ දෙයක් ඒ තමා FAQs එක. මේකත් අනිවාරෙන්ම Update කරන්න.මේකෙන් නිතර Customers ලා අහන ප්‍රශ්න වලට පිලිතුරු ලබා දීමක් කරන්නෙ. ඒ වගේම මේක ඔයාලගෙ හැම Product එකකම යටින් Display වෙනවා, ඒ නිසා අනිවාරෙන්ම මේක Update කරන්න. මේකෙ ඔයාලට Etsy එකෙන්මත් ප්‍රශ්න කිහිපයක් ලබා දී තිබෙනවා ඒ නිසා වැඩේ තවත් පහසු වෙනවා.

9.Seller Details

මේකෙ ඔයා ඔයාගෙ නම, Address එක, email එක, Phone Number එක Add කරගන්න ඕන. මේ ඉහත සදහන් කරපු දේවල් සම්පූර්ණ කරගන්න එක ඔයාගෙන් Product එකක් Buy කරන්න සූදානම් වෙන Customer කෙනෙකුගේ Trusted එක Build කරන්න ගොඩක් වැදගත් වෙනවා.

එහෙනම් ඉක්මනින්ම ඊලග Article එකෙන් හමුවෙමු. එහෙනම් හැමෝටම ජය.