Loading...
Etsy Listing එකක් හරියට දාගන්නේ කොහොමද ? (පාඩම් අංක 04)

Etsy Selling වල ප්‍රදානතම දෙයක් තමයි Etsy Listings නිවරදිව සකසා ගැනීම. මොකද Store එකේ මොන දේ හැදුවත් වැඩක් නෑ Listings හරියට නැතිනම් ඔයාට Order ලැබෙන්නෙත් නෑ. අපි බලමු කොහොමද මේ Etsy Listings හරියට දාගන්නෙ කියලා.

ඔයා මුලින්ම ඔයාගෙ Etsy Dashboard එකේ තියෙන Listing කියන තැන Click කරලා ඔයාගෙ Listings තියෙන තැනට යන්න. ඊට පස්සේ ඒ Page එකේ දකුණු පැත්තේ උඩ තියෙන Add A Listing Button එක Click කරන්න. ඊට පස්සේ අලුත් Page එකකට යනවා.

01. Photos

ඒ Page එකේ මුලින්ම තියෙන්නේ Product එකේ Images Add කරගන්න.මේ Photos තමයි ඔයාගෙ Product එක Buy කරන්න Customer ව ගොඩක්ම පෙලබීමට ලක් කරන්නේ. විශේෂයෙන්ම Primary Image එක.ඔයා මේ Photos භාවිතාකරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕන මේක ගොඩක් බලපාන්නේ Drop shipping කරන අයට.

ඔයාල AliExpress හෝ වෙනත් Website එකකින් Photos ගන්නවනම් අනිවාරෙන්ම බලන්න ඔයා මේ Use කරන Product Image එක වෙන කව්රුන් හෝ Etsy එකේ කලින් පාව්ච්චි කරල තියෙනවද කියලා. එහෙම භාවිතාකරල තිබුනොත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

අපි බලමු මේ Product Image ප්‍රශ්නයෙන් බේරිලා අපේ වැඩේ කරගන්නෙ කොහොමද කියල. අපි AliExpress එකෙන් Photo එකක් ගන්නව නම් අපි කෙලින්ම Add-ons භාවිතාකරල Download කරන්නෙ නැතුව අපි කරන්න ඕන Snipping Tool එක හෝ වෙන මොකක් හරි Screenshots Capture කරන Tool එකක් Use කරල මේ Product Image වල Screenshots ගන්න.

ඊටපස්සෙ පුළුවන් නම් මේ Photos වල Colors Edit කරගන්න.ඒක ගොඩක්ම හොදයි. නැතිනම් ඔයාලට පුළුවන් Add-on එකක් භාවිතාකරල Photos Download කරගෙන Verexif වගේ Metadata Remove කරන Tool එකක් Use කරල මේ Photos වල Metadata අයින් කරල Use කරන්න පුළුවන්.මේකෙදිත් පොඩි හරි Edit එකක් දාගන්නව නම් ගොඩක් හොදයි.

02. Video

මේක නම් ගොඩ දෙනෙක් වැඩිය Use කරන්නෙ නැති Option එකක් ඒත් මේක ඔයාගෙ Listing එකට ගොඩක් Effective. මේකට ඔයාට Video ඔයා Upload කරනවානම්. ඒ Video එකේ කොහොමද මේ Product එක Use කරන්නෙ, නැතිනම් ඔයාගෙ Product එක ගැන විස්තරයක් වගේ දේවල් අඩංගු කරගන්න පුළුවන්.

03. Listing Title

මේ ගැන මම කලින් SEO පාඩමේ ගොඩක් හොදට පැහැදිලි කරා. ඒ ගැන කියෙව්වෙ නැතිනම් ඒක අනිවාරෙන්ම කියවන්න. Title එකට ඔයා ඔයාගෙ Product එකට අදාල නිතරම නිතරම Customers ලා Search කරන Keyword යොදාගෙන Title එක හදන්න. ඒක ඔයාගෙ Listing එක Searching List එකේ උඩටම එන්න බලපන්න ප්‍රදානම සාදකයක්. ඒ වගේම අනිවාරෙන්ම මතක් කරන්න ඕන කොයිම වෙලාවකවත් මේ Title Etsy එකේ වෙන Product එකකින් Copy කරල ගන්න එපා.

04. About his Listing & Category

මේ දෙක ඔයාගෙ Product එක අනුව වෙනස් වෙනව. මේකෙ Category එක තමා ඔයා හරියටම දාගන්න ඕන. මේ Category එක හොයාගන්නෙ ඔයාගෙ Product එකට අදාල Main Keyword එක මේ Category කියන තැන Type කරල Search කරගන්න. ඊටපස්සෙ එතන පෙන්වනවා ඔයාගෙ Product එකට අදාල Categories.

ඒකෙන් ඔයාගෙ Product එකට වඩාත්ම ගැලපෙන Category එක තෝර ගන්න. Category එක තෝර ගත්තට පස්සෙ Recipient, Material, Primary Color වගේ ඔයාගෙ Product එකට අදාල දේවල් තෝරන්න එනවා මේවත් හරියට තේරගන්න ඒකෙන් ඔයාගෙ Product එක හරියටම Customers ලා අතරට යනවා.

05. Renewal Options & Type

මෙතන තියෙන්නෙ ඔයාගෙ Product එකට අදාල Etsy Fee එක Automatically ගෙවෙන්න හරිනවද නැතිනම් Manually ගෙවනවද යන එක තෝරන්න.මමනම් ඔයාලට Recommend කරන්නේ මේක Manually තියන්න කියල.මොකද ඔයාල දන්නෙවත් නැතුව මේ Fee කැපෙන්න පුළුවන් ඒ නිසා Manually තියෙන එක ගොඩක් Safe.

ඊට පස්සෙ තියෙන්නෙ ඔයාගෙ Product එක Physical Product එකක්ද Digital Product එකක්ද කියන එක තෝරන්න. මේක ඔයාගෙ Product එක අනුව වෙනස් වෙනවා. ඉදිරියෙදි Digital Product ගැන වෙනම Article එකක් ගෙන්නම් විස්තරාත්මකව.

06. Description

මේක ගැන අපි SEO Article එකේ විස්තරාත්මකව කතා කරා. මේකෙ මුල් වාක්‍ය කිහිපය අනිවාරෙන්ම Keyword යොදාගෙන මේ Product එක ගැන හොද විස්තරයක් කරන්න. මොකද මේ මුල් වාක්‍ය කිහිපය තමා Google Search Result එකේ පෙන්වන්නේ. ඒ වගේම Description එකේ ඔයාගෙ Product එකට අදාල දේවල් හොදින් විස්තර කරන්න.

07. Tags & Materials

මේ Tags හොයන්නෙ කොහොමද මේව පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක ගැන අපි විස්තරාත්මකව SEO Article එකේ කතා කරා ඒ නිසා මම දැන් ඒ ගැන කතාකරන්නෙ නැහැ.

Materials වලට ඔයාට පුළුවන් ඔයාගෙ Product එක හදන්න අමුද්‍රව්‍යක් යොදා ගත්තනම් ඒවාගේ නම් මෙතනට Add කරන්න.

08. Price & Quantity

Price, Quantity ගැන ඉතින් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනෙ. ඒ උනාට එක පොඩි දෙයක් කියන්න ඕන ඒ තමයි මේ Price දානකොට මේ Price එකට Shipping Fee එකත් එකතු කරලා Price දාන්න එතකොට ඔයාට පුළුවන් Product එක Free Shipping දෙන්න. Free Shipping දෙනකොට ඔයාට තියෙන වාසිය තමයි ඔයාගෙ Product එක Free Shipping දෙන Product එකක් කියලා Etsy එකෙන් Customersලට Highlight කරලා පෙන්වනවා.

09. Variations & Personalization

ඔයාගෙ Product එකේ Color, Size වගේ දේවල් තියෙනවනම් මේ Variation වලින් ඒවා Customerට තෝරගන්න පුළුවන් විදියට Add කරන්න පුළුවන්.

ඔයාගෙ Product එක Customer ට අවශ්‍ය විදියට Customize කරල දෙනවනම් Personalization කියන එක On කරලා ඔයාට එතන ඒ පිලිබද විස්තරයක් එකතුර කරන්න පුළුවන්.

10. Shipping

මෙතන මුලින්ම තියෙන්නේ අපි Product එක Ship කරන Country එක තෝරන්න. මෙතන ඔයා Drop shipping කරත් අනිවාරෙන්ම Sri Lanka කියල Country එක තියන්න. නැතිනම් ඔයාගෙ Account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

Processing Time එක දවස් 3 - 5 ත් අතර ගානක් දානවනම් ගොඩක් හොදයි ඒක ඔයාට කැමති විදියට කරගන්න පුළුවන්.

Delivery Time එකත් ඒවගේම තමයි දවස් 7 - 21 අතර වගේ දාන්න. ඒ වගේම පුළුවන් ඉක්මනින් Delivery කරන්න Try කරන්න ඒක ඔයාට Customer දෙන Review එකට බලපාන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්ව වගේ Free Shipping දෙන්නත් අමතක කරන්න එපා. දැන් තියෙන්නෙ ඉතින් Listing එක Publish කරන්න තමයි.

මම හිතනව ඔයලට මේ Article එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අපි ඉක්මනින් ඊලග Article එකෙන් ඉක්මනට හමුවෙමු. එහෙනම් හැමෝටම ජය.