Loading...
නැවත තර්ජනයක් වී තිබෙන online ආරක්ෂාව
ඉස්සෙල්ලම කියන්න ඕන මේ තියෙන setting ඔයාගෙ phone එකේ වගේම ඔයාගෙ අම්මගෙ තාත්තගෙ phone එකෙත් හදල දෙන්න. Covid-19 කාලයත් එක්ක හැම වැඩිහිටි කෙනාටම වගේ smart phones හම්බවුණා. ඇතැම් අයට මේගැන දැනුමක් තියෙන්න පුළුවන් ඇතැම් අයට නැති වෙන්න පුළුවන්. එයාල Social media accounts පාවිච්චි කරන්නෙ ID එකෙන් register කරපු phone number එකෙන් නිසා මේ setting හදල දෙන්න වග බලා ගන්න.

1969 ඔක්තෝබර් 29 පටන් ගත්ත මේ අන්තර්ජාලය අද වෙන කොට හැම අතකටම විහිදිලා තියෙනවා. අන්තර්ජාලය තුළ තමන්ගේ පෞද්ගලිකත්වය, තමන්ගේ මුදල්වල ආරක්ෂාව, තමන්ගේ සමාජ මාධ්‍යවල ආරක්ෂාව ගැන දැං මිනිස්සුන්ට හිතන්න වෙලා තියෙනවා. තමන්ගේ නොදැනුවත්භාවය සහ තාක්ෂණය නොදැනුවත්භාවය හේතුවෙන් තමා බොහෝමයක් දෙනා කරදරවලට පත් වෙන්නෙ. මේකෙන් ඔයා ඒව ගැන දැනුවත් වෙයි කියල බලාපොරොත්තු වෙනවා.

1.සමාජ මාධ්‍ය ආරක්ෂාව

Facebook, Youtube, Tiktok, Instagram, Whatsapp සහTelegram සහ මේ වගේ තමන් සමාජය සමග සබඳතා ඇති කරගන්න යොදා ගන්න මාධ්‍යවල ආරක්ෂාව ඉතාම වැදගත්. මේ social media account බලෙන් ලබාගෙන විවිධ දේවල් වලට භාවිත කරන සිද්ධි මේ කාලෙ ටිකක් බහුලව අහන්න ලැබෙනවා.

Logging checking

තමන්ගෙ social media account වලට තමන් නොදැනුවත්ව තව device එක්ක connect කරලද කියල බලන්න ඉස්සෙල්ලම.

Setting > privacy යටතේ සාමාන්‍ය මේක බලාගන්න පුළුවන්. තමන් නොදැනුවත්ව device එකක් connect වෙලා තියෙනව නම් log out වෙන්න.

2FA enable කරගන්න.

කලින් කියපු දේ කරල Mainly කරන්න තියෙන දේ තමා මේක. මේකෙදි layer දෙකකින් protection එකක් ලැබෙනවා. ATM එකකින් වෙන්නෙත් මේ දේමයි. Card එක සහ pin එක තමා layer දෙක.

Setting > Account/Privacy යටතේ මේ feature එක බලාගන්න පුළුවන්. අනිවාර්යයෙන් ඒක enable කරගන්න.

Wi-Fi

සමහර වෙලාවට social media account වලට ඔයා log වෙන්නෙ publically තියෙන network එකකින් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඔයාගෙ logging detail ඒ network එකේ ඉන්න කෙනෙට බලන්න පුළුවන්. ඒ නිසා Account වලට log වෙන්න public Wi-Fi පාවිච්චි කරන එකෙන් වැළකිලා ඉන්න.

Update

සමහර විට ඔයා ඔයාගෙ social media වලට යන්නෙ සතියකට සතිදෙකකට සැරයක් වෙන්න පුළුවන්. ඒ අතරතුර special security update එකක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ නිසා social media apps update කරල තියාගන්න.

2.අන්තර්ජාල තුළ තමන්ගේ පෞද්ගලිකත්වය.

මේක නම් දැන් නම් විහිලුවක් වෙලා තියෙන්නෙ.මොකද දැං ගොඩක් අය තමන්ගෙ හැම අංග චලනයක්ම වගේ පවා social media වල දාන නිසා. තමන් යන එන තැං, තමන් කන බොන දේ, තමන් කරන දේ පවා මිනිස්සු social media වල දානවා. එතකොට ඒක තමන් විසින්ම තමන්ගෙ පෞද්ගලිකත්වය නැති කර ගැනීමක්. එතනදි තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න ඕන.

තමන් නොදැනුවත්ව තමන්ගේ sensitive data පිට යනවිදි සහ වළක්ව ගන්න හැටි බලමු.

SD card

දැං ගොඩක් අය SD card එකක් දාල තමන්ගෙ phone එකේ storage එක වැඩි කරගන්නව මොකද phone එකේ storage එක මදි නිසා. එතනදි තමන් දන්නෑ තමන්ගෙ මොන මොන data phone එකේ තියෙනවද මොන මොන data SD card එකේ තියෙනවද කියල. කවුරු හරි SD card එක හොරකම් කළොත් එතනදි sensitive data එළියට යන්න ඉඩ තියෙනවා.

ඒ නිසා sensitive නොවන දේවල් SD card එකේ දාල තියාගන්න. ඒවගේම විශේෂයෙන්ම SD card එක තමන් පාවිච්චි කරන phone එකෙන් encrypt කරන්න. එතකොට තමන්ගෙ phone එකට විතරයි SD card එක read කරන්න පුළුවන්. මේකට phone setting > storage ගිහින් සකසගන්න පුළුවන්.

APK files

Playstore එකෙන් පිටින් install කරන ඇතැම් apps මගිනුත් අපේ පෞද්ගලික තොරතුරු එලියට යන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් පරිස්සම් වෙන්න.

Storage device

Pendrive, Portable storage device අපි ඉල්ලගෙන පාවිච්චි කරල නැවත දුන්න හෝ අපි වෙන කෙනෙක්ට දුන්න හෝ ඒකේ තියෙන temporary files එයාලට බලන්න පුළුවන්. ඒ නිසා පාවිච්චි කරල ආයෙ දෙන්න කලිං හෝ කාට හරි දෙන්න කලිං හෝ temporary file dump කරන්න වග බලාගන්න. මේක කරන හැටි youtube එකෙන් බලාගන්න පුළුවන්.

3.Google account

හැම දේකටම sign වෙන්න පාවිච්චි කරන්නෙ google account එක ඒක නිසා ඒකේ ආරක්ෂාවත් වැදගත්. Google account එකේ 2FA, Passkey,Backup codes enable කරල තියාගන්න. ඒවගේම recovery e-mail එකක් add කරල තියාගන්න. මේ දේවල් google account වල security යටතේ බලාගන්න පුළුවන්.