Android මත ධාවනය වන උපාංග 100කට වඩා වැඩි ප්‍රමාණයකට HarmonyOS ලබා දීමට Huawei සමාගම සූදානම් වේ

· 3 min read
Android මත ධාවනය වන උපාංග 100කට වඩා වැඩි ප්‍රමාණයකට HarmonyOS ලබා දීමට Huawei සමාගම සූදානම් වේ

Huawei සමාගම ඊයේ දිනයේදී ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතිය වන (OS) HarmonyOS SmartPhones ඇතුලු තවත් උපාංග රාශියකටම නිකුත් කළා. එමෙන්ම Huawei සමාගම බලාපොරොත්තු වන්නේ HarmonyOS Updates Huawei උපාංග 100 වඩා ප්‍රමාණයකට ලබා දීමටයි.

ඒ අනූව නවතම Hardware සමගින් නිකුත් වූ Huawei MatePad Series සඳහාද 100 අධික Smart Screens, Mobile Phones, Tablets සඳහා ද HarmonyOS ලබාදෙනු ඇති.

Huawei සමාගම Android 10 සමගින් නිකුත් වූ ඔවුන්ගේ Mate 40 සහ P40 සඳහා මෙන්ම මීට වසර 4කට පමණ පෙර නිකුත් කරන ලද  Mate 9 සහ P10 ජංගම දුරකථන සඳහාද HarmonyOS ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එමෙන්ම ඇතැම් Huawei Nova ජංගම දුරකථන සඳහාද, 2020 වසරට පෙර නිකුත් වූ ඇතැම් Honor ජංගම දුරකථන සඳහාද මෙම OS Updates ලබාදීමට Huawei කටයුතු කරන බව වාර්තා වනවා.

කෙසේවෙතත් ඔබ ජීවත් වන රට/ප්‍රදේශය අනූව ඔබට HarmonyOS Updates ලැබීමේ කාලය වෙනස් විය හැක. P40, Mate 40, Mate 30 සහ MatePad Pro වැනි ජංගම දුරකථන සඳහා මෙම මාසයේ සිටම HarmonyOS Updates ලැබෙනු ඇත. Mate XS, Mate 20 ජංගම දුරකථන මෙන්ම ඇතැම් Nova ජංගම  දුරකථන හා විවිධ MatePad මාදිලියන් සඳහා HarmonyOS Updates මෙම වසරේ තෙවැනි කාර්තුවේදී  ලබාදීමට Huawei බලාපොරොත්තු වේ.

HarmonyOS ලැබෙන ජංගම දුරකතනයන් සහ ලැබෙන කාලය දැක්වෙන කාල සටහන

වාර්තා වන ආකාරයට P30 ජංගම දුරකථන මාලාව, Mate 20 X හෝ  Mate X ජංගම දුරකථන සඳහා මෙම වසර අවසානයේදී HarmonyOS ලබාදීමට කටයුතු සූදානම් කරමින් තිබෙන අතර Mate 9 හෝ P10 වැනි පැරණි ජංගම දුරකථන සඳහා Updates ලබාගැනීමට නම් ලබන වසරේ මුල් භාගය වනතෙක් බලා සිටීමට සිදුවනු ඇත.

එමෙන්ම මේ වන විට Huawei සමාගම විසින් HarmonyOS ලැබෙන Huawei සහ Honor උපාංගයන් තහවුරු කර ඇති අතර ඒවා පහත පරිදි වේ.

2021 ජූනි 2 සිට HarmonyOS ලැබෙන Huawei උපාංග ලැයිස්තුව

  • Huawei Mate 40
  • Huawei Mate 40 Pro
  • Huawei Mate 40 Pro+
  • Huawei Mate 40 RS Porsche Design
  • Huawei Mate 40E
  • Huawei Mate X2
  • Huawei P40
  • Huawei P40 4G
  • Huawei P40 Pro
  • Huawei P40 Pro Plus
  • Huawei Mate 30 Pro 4G
  • Huawei Mate 30 Pro 5G
  • Huawei Mate 30E Pro 5G
  • Huawei Mate 30 RS Porsche Design
  • Huawei Mate 30 4G
  • Huawei Mate 30 5G
  • Huawei MatePad Pro WiFi
  • Huawei MatePad Pro 5G

2021 වසරේ තෙවන කාර්තුවේ සිට HarmonyOS ලැබෙන Huawei උපාංග ලැයිස්තුව

  • Huawei Mate Xs
  • Huawei Mate 20
  • Huawei Mate 20 Pro
  • Huawei Mate 20 RS Porsche Design
  • Huawei Nova 7 SE 5G
  • Huawei Nova 7 SE 5G Lohas Edition
  • Huawei Nova 7 SE 5G Vitality Edition
  • Huawei Nova 8
  • Huawei Nova 8 Pro
  • Huawei Nova 8 Pro 4G
  • Huawei Nova 7 5G
  • Huawei Nova 7 Pro 5G
  • Huawei Nova 6
  • Huawei Nova 6 5G
  • Huawei Nova 6 SE
  • Huawei MatePad 10.8 inches
  • Huawei MatePad 10.4 inches
  • Huawei MatePad 5G 10.4 inches

2021 වසරේ සිව්වන කාර්තුවේ සිට HarmonyOS ලැබෙන Huawei උපාංග ලැයිස්තුව

  • Huawei Smart Screen V 55 2021
  • Huawei Smart Screen V 65 2021
  • Huawei Smart Screen V 75 2021
  • Huawei Smart Screen V 85 2021
  • Huawei Smart Screen S Pro 55
  • Huawei Smart Screen S Pro 65
  • Huawei Smart Screen S Pro 75
  • Huawei Smart Screen S 55
  • Huawei Smart Screen S 65
  • Huawei Smart Screen S 75
  • Huawei Smart Screen X 65
  • Huawei P30
  • Huawei Mate 20 X 4G
  • Huawei Mate 20 X 5G
  • Huawei Mate X
  • Huawei P30 Pro
  • Huawei Nova 5 Pro
  • Huawei Enjoy 20 Pro 5G
  • Huawei Enjoy Z 5G
  • Huawei Enjoy 20 Plus 5G
  • Huawei Maimang 9
  • Huawei MediaPad M6 10.8-inch
  • Huawei MediaPad M6 8.4-inch
  • Huawei MediaPad M6 Turbo Edition
  • Huawei Enjoy Tablet 2

2022 වසරේ පලමු කාර්තුවේ සිට HarmonyOS ලැබෙන Huawei උපාංග ලැයිස්තුව

  • Huawei Mate 10
  • Huawei Mate 10 Pro
  • Huawei Mate 10 Porsche Design
  • Huawei Mate RS Porsche Design
  • Huawei P20 Pro
  • Huawei P20
  • Huawei Nova 4
  • Huawei Nova 3
  • Huawei Nova 5i Pro
  • Huawei Nova 5z
  • Huawei Nova 5
  • Huawei Nova 4e
  • Huawei Maimang 8
  • Huawei Enjoy 9S
  • Huawei Nova 5i
  • Huawei Enjoy 10 Plus
  • Huawei Mate 9
  • Huawei Mate 9 Pro
  • Huawei Mate 9 Porsche Design
  • Huawei P10
  • Huawei P10 Plus
  • Huawei Nova 2s
  • Huawei Enjoy 10
  • Huawei Enjoy 10s
  • Huawei Enjoy 9 Plus
  • Huawei Nova 3i
  • Huawei MediaPad M5 10.8 inches
  • Huawei MediaPad M5 8.4 inches
  • Huawei MediaPad M5 Pro 10.8 inches
  • Huawei MediaPad M5 Youth Edition 10.8 inches
  • Huawei MediaPad M5 Youth Edition 8 inches
  • Huawei Enjoy Tablet
  • Huawei Smart Screen V55i
  • Huawei Smart Screen V65i
  • Huawei Smart Screen V 65
  • Huawei Smart Screen V 65 2019
  • Huawei Smart Screen V 76 2019

2021 වසරේ සිව්වන කාර්තුවේ සිට HarmonyOS ලැබෙන Honor උපාංග ලැයිස්තුව

  • Honor 30
  • Honor 30 Pro
  • Honor 30 Pro+
  • Honor 30S
  • Honor V30
  • Honor V30 Pro
  • Honor V20
  • Honor V20 Moschino Edition
  • Honor Magic 2
  • Honor 20
  • Honor 20 Pro
  • Honor X10
  • Honor X10 Max
  • Honor Tablet 6
  • Honor Tablet X6
  • Honor Play 4 Pro
  • Honor 30 Youth Edition
  • Honor Play 4

2022 වසරේ පළමු කාර්තුවේ සිට HarmonyOS ලැබෙන Honor උපාංග ලැයිස්තුව

  • Honor V10
  • Honor 10
  • Honor Play
  • Honor 20S
  • Honor Play4T Pro
  • Honor 9X
  • Honor 9X Pro
  • Honor 8X
  • Honor 10 Youth Edition
  • Honor 20i
  • Honor 9
  • Honor V9
  • Honor Play 3
  • Honor Note 10
  • Honor Tablet 5 8-inch
  • Honor Tablet 5 10.1-inch

Sources: Huawei, Phone Arena, GSMArena, Huawei Central

logo
logo