Loading...
මාසයක් ඇතුලත පරිශීලකයන් ප්‍රමාණය මිලියන 30 ඉක්මවා යෑමට HarmonyOS සමත් වේ

ඇමරිකානු සම්බාධක හේතුවෙන් Huawei සමාගමට දැඩි පසුබෑමකට මුහුණ දෙන්න වුණ බව ඔබට මතක ඇති. නමුත් නුදුරු අනාගතයේ දී තත්වය යහපත් වනු ඇති බව ඇඟවීමක් ලෙස දැන් සුභ ලකුණු ටිකෙන් ටික පහළ වෙමින් පවතිනවා.

තමන්ට සිදු වූ එම ඇබැද්දිය නිසාම Huawei සමාගම කඩිමුඩියේ තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් වන HarmonyOS නිර්මාණය කිරීමට පටන් ගත් අතර එහිදී ඔවුන් Google සේවා නොමැතිවම Open Source Android පද්ධතිය පදනමක් ලෙස ගෙන HarmonyOs එක නිර්මාණය කිරිමට කටයුතු කරනු ලැබුවා.

Huawei සමාගම විසින් වාර්තා කරන ලබන ආකාරයට දැන් දිගින් දිගටම බොහෝ උපාංග HarmonyOS වෙත සංක්‍රමණය වෙමින් පවතිනවා. ජූලි 8 වනදා විට පමණක් Huawei උපාංග මිලියන 30 කට වැඩි ප්‍රමාණයක HarmonyOS මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන බවට වාර්තා වෙනවා.

මේ වසර අවසාන වන විට Huawei සමාගම විසින් උපාංග මිලියන 300 ක පමණ සැලැස්මක් සකස් කර ඇති අතර එය Harmony මෙහෙයුම් පද්ධතියේ පදනම මත ක්‍රියාත්මක වන බවට මතක් කල යුතුය.  එපමණක් නොව, ඔවුන්ගෙන් තුනෙන් එකක්ම තෙවන පාර්ශවීය සමාගම් වලින් සමන්විත විය යුතුය යන්න ඔවුන්ගේ සැලැස්ම තුල අන්තර්ගත වන කරුණු වේ. එම සැලැස්ම සපුරා ගැනීම සඳහා ඔවුන්ට පූර්ව අවශ්‍යතාවයන් ඇත. නමුත් චීන වෙළඳපොලේ ඇති උපාංගවල වියදමින් Huawei සමාගමට තවමත් ඒ සඳහා විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති අතර, HarmonyOS සහිත උපාංග චීනයෙන් පිටත වඩ වඩාත් ක්‍රියාකාරී ලෙස ව්‍යාප්ත කිරීමටද ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා.

නමුත් Huawei සමාගම තවමත් ඔවුන්ගේම ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටින අතරම ඔවුන්ගෙ උත්සාහයන් තුළින් Smartphone වෙළඳපොලේ ස්ථානයක් සඳහා දිගින් දිගටම සටන් වදිමින් සිටී.

Source: Huawei Central, Gizchina, Technologhy Times