Loading...
Harmony OS

Huawei ලා මේ OS එක වෙනුවෙන් අවුරුදු 10ක් තිස්සෙ වැඩ කරලා තියෙනවා. මේ OS එකේ තියෙන මේන් ෆීචර්ස් 4 ගැන බලමු මුලින්ම.

  1. Seamless:   First-ever device OS with distributed architecture,
    delivering a seamless experience across devices
  2. Smooth:  Deterministic Latency Engine and high-performance IPC
  3. Secure:   Microkernel architecture that reshapes security and trustworthiness from the ground up
  4. Unified:   Multi-device IDE allows apps to be developed once and deployed across multiple devices

මේ OS එක  Android  සහ iOS වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කියලා කියනවා ,Harmony OS එක Microkernel බේස්ඩ් ඩිස්ට්‍රිබියුටඩ් OS එකක්  මේ සිස්ටම් එක නිසා OS එක ගොඩක් දේවල් වලට update කරගන්නත් පුලුවන් පහසුවෙන්ම ඒ වගේම මේකට secure archive  එකක් තියෙනවා. Developersලට app develop කරන්නත් පහසුයි. මේ Software එකට මොකද ඇප් එක develop කරහම පහසුවෙන්ම deploy කිරීමේ හැකියාව නිසා තවදුරටත් මේගොල්ලෝ කියනවා.

Harmony OS නිකුත් කිරීම - Source Google

Harmony OS එක ලයිට් වෙයිට් කම්පැක්ට් ඔපරේටිං සිස්ටම් එකක් කියලා මේක ෆෝන්ස් වලට විතරක් ඩිවලප් කරපු OS එකක් නෙමේ මේක Smart Watches , Smart Screens , Vechile Systems සහ Smart Speakers  වගේ ඒවටත් භාවිතා කරන්න පුලුවන්  මේක සම්පුර්ණයෙන්ම Open source ecosystem එකක්  මේක Android  වලට හොද තරගයක් වෙන්න පුලුවන්  Chinese කම්පැනීස් වෙන Oppo / Xiaomi / Vivo වගේ ඒවත් මේක යුස් කරන්න ගත්තොත් සමහර කම්පැනීස් මේක මේ වෙද්දි ටෙස්ට් කරලත් ඉවරයි කියනවා

Harmony OS එක Android  වලට වඩා 40% to 60% ෆාස්ට් වෙයි කියලත් කියනවා මේ OS එකට තියෙනවා Deterministic Latency Engine එකක්  මේකෙන් වෙන්නෙ ඇප්ස් වල රෙස්පොන්ස්  Latency  එක 25.7% දක්වා අඩු කරනෙක මේක හින්දා OS ගොඩක් smooth  සහ ෆාස්ට් වෙන්න පුලුවන් තව කියලා තියෙනවා මේකේ තියෙන Microkernel එකෙන් දැනට පවතින සිස්ටම්ස් වලට සාපේක්ෂව  5ස් ගුනයකට වඩා  කාර්යක්ෂම වෙන්න පුලුවන් කියලත්

මෙකේ සෙකියුරිටි එක ගැන බැලුවහම  Microkernel ආර්කිටෙක්චර් එකට ස්තුති වෙන්න Harmony OS එක එන්නෙ වැඩි දියුනු කරන ලද සෙකියුරිටි සිස්ටම් එකක් එක්ක සහ ලෝ ලේටන්සි සමග මේකේ තව යූස් වෙනවා ෆොර්මල් වෙරිෆිකෙශන් මෙතඩ් කියලා එහෙකුත්

Harmony OS එක Multi-device IDE වලින් පවර් අප් කරලා තියෙන්නෙ මේකෙන් වෙන්නෙ ඇප්  ඩිවලපර්ස්ලට එක පාරක් ඇප්ස් ඩිවලප් කරහම Harmony OS එකට  ඒ ඇප් එක අනෙකුත් සියලුම ඩිවයිසස් වලට ඉම්ප්ලිමෙන්ට් කිරීමේ හැකියාව තියෙනවා

Harmony OS එක තව යුස් කරනවා Huawei ARK කම්පයිලර් එක මේක තමා ඒගොල්ලන්ගේ ෆස්ට් ස්ටැටික් කම්පයිලර් එකත් මේකත් දැනට  Android ලා යුස් කරන එකට වඩා ෆාස්ට් කියලත් කියනවා

ඉතින් අපි බලමු මේ OS එක ඇත්තටම හොදයි නම් සහ ඩිවලපර්ස්ලට පහසුයි නම් ඇප්ස් හදන්න සමහරවිට Android  වල අවසානයද වෙන්න පුලුවන් ඇත්තටම ලෙවල් එහෙකට ආවොත්. මේකේ හොදම දේ තමා මේක Open Source  ප්‍රොජෙක්ට් එකක් ඒ හින්දා ඕනේම ෆෝන් එහෙකට මේ සොෆ්ට්වෙයාර් එකට ඇඩප්ට් වෙන්න පුලුවන් අපිට දැනටමත් ආරංචි වෙලා තියෙන විදියට කලින් කිව්වා වගේ සමහර  චයිනීස් කම්පෑනීස් මේක ටෙස්ට් කරලා තියෙන්නෙ Oppo / Xiaomi  වගේ ප්‍රදාන පෙලේ ස්මාර්ට්ෆෝන් නිශ්පාදනය කරන කම්පනීස් ටික.

මේක යුස් කරන්න ගත්තොත් තවත් කම්පැනීස් වලට මේ OS එක භාවිතා කරන්න සිදු වේවී  ඩිවලපර්ස්ල Harmony OS එක වටේ එකතු උනොත් , වර්ශන් 1.0 එක එලිය ආවම අපිට මේ සියලු දේ බලගාන්න පුලුවන්.