Loading...
ජූනි 2 වෙනි දින එලි දැක්වීමට නියමිත HarmonyOS එක ලබා දෙන දුරකතන ලැයිස්තුව පිලිබඳ තොරතුරු අන්තර්ජාලයට නිකුත් වේ

Huawei සමාගම විසින් ඔවුන්ගේ HarmonyOS එක ජුනි මස 02 වෙනි දින එළිදැක්වීමට සුදානමින් සිටින බවට අපි ඔබ වෙත මිට පෙර තොරතුරු ගෙන ආවා. ඒ අනුව මේ HarmonyOS එක හදුන්වා දිමත් සමග Huawei සමාගම Smartphone ක්ෂේත්‍රය තුල දැවැන්ත පෙරලියක් සිදු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා.

මෙලෙස HarmonyOS එක එළිදැක්වීමත් සමග Huawei සමාගම විසින් මේ නව OS එක ලබා දිමට නියමිත Devices ලෙස දැනට Huawei Mate 40 Series එක, Huawei P40 Series එක, Huawei Nova 8 Service එක, Huawei Mate X2 හා Huawei MatePad Pro කියන Devices දක්වන්න පුලුවන්.

01. Huawei Mate 40 Series‌‌

  • Mate 40 Pro‌‌
  • Mate 40 Pro +‌‌
  • Mate 40 RS

02. Huawei P40 Series‌‌

  • Huawei P40‌‌
  • Huawei P40 Pro‌‌
  • Huawei P40 Pro +

03. Huawei Nova 8 Series‌‌

  • Huawei Nova 8‌‌
  • Huawei Nova 8 Pro

04. Huawei Mate X2‌‌

05. Huawei MatePad Pro

‌ඒ වගේම Huawei සමාගම විසින් මේ වසර අවසානයට පෙර HarmonyOS එක ඔවුන්ගේ Devices බිලියනයකට අධික සංඛ්‍යාවක් සදහා ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම ඔවුන් විසින් මේ වසර අවසානයට පෙර HarmonyOS එක සහිත නව Huawei Devices කිහිපයකුත් නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

දැනට මේ HarmonyOS එක පිළිබඳව නිකුත් වි තිබෙන තොරතුරුවලට අනුව මෙය Android 11 හා සමානම User Interface එකක් හා Design එකකින් යුතු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. Huawei සමාගම විසින් එළිදැක්වීමට නියමිත මේ HarmonyOS එක Android OS එක සදහා ඇති සාර්ථකම විකල්පය වෙනු ඇත.

Source: Gizmochina