Loading...
Huawei සමාගමට ඇති ඇමරිකානු සම්බාධක පුළුල් වීමත් සමඟ Kirin chipset නිපදවීම සැප්තැම්බර් 15 වනදායින් නිමාවේ

ඇමරිකානු රජය විසින් Huawei සමාගමට ලබාදුන් තාවකාලික වෙළඳ බලපත්‍රය පසුගිය 13 වන දින කලිකුත්වීමත් සමඟම ඉකුත් සඳුදා (අගෝස්තු 16 වන දින) Huawei සමාගම වෙත තවත් වෙළඳ තහනම් පනවන ලදී. ඊට අමතරව US Bureau of Industry and Security (BIS) විසින් Huawei සමාගමට අනුබද්ධිත සමාගම් 38ක් සමග ගණුදෙනු කිරීම ඇමරිකානු ජාතික සමාගම් වෙත තහනම් කරන ලදී. ඔවුන් නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඇමරිකානු තාක්ෂණය භාවිතා කිරීමට Huawei සමාගමට ඇති ඉඩ අහුරන ලෙසයි.

“These actions, effective immediately, prevent Huawei’s attempts to circumvent U.S. export controls to obtain electronic components developed or produced using U.S. technology”

නව සංශෝධන වලට අනුව, Huawei සමාගමට ඇමරිකානු සමාගම් සමඟ ගණුදෙනු කිරීමේ හැකියාව ලැබෙන පරිදි තාවකාලික වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව වෙත අහිමි වන අතර Huawei සමාගමට දැනට ඇමරිකාව තුල ඇති ඔවුන්ගේ උපාංග ඇති දුරකථන ජාල වල නඩත්තු කටයුතු වලට පමණක් ඉඩ කඩ ලැබෙනු ඇත.

එමෙන්ම මීට පෙර අප විසින් ඔබ වෙත ගෙන ආ Huawei දුරකථන සඳහා Google සමාගම විසින් නිකුත් කරන Android updates නොලැබී යාමේ අවධානම තවත් ඉඅහල නැංවේ. ඒ කෙසේ වුවත් පෙර පුවතේ සඳහන් වූ පරිදි Huawei සමාගමට Android open-source program හරහා තම පාරිභෝගිකයන්ට අවශ්‍ය security patch සහ firmware updates නිකුත් කල හැකි බව Google සමාගම විසින් පවසා ඇති අතර එයට මෙම සීමා කිරීම් වල බලපෑමක් නැති බව ඔවුන් තහවුරු කර ඇත. නමුත් Google සමාගමේ Android updates සපයන Project Treble වෙත පිවිසීමට Huawei සමාගමට ඉඩ ඇහිරෙනු ඇත. එබැවින් Huawei සමාගම විසින්ම අදාල updates ලබාදෙන තුරු පාරිභෝගිකයන්ට බලා සිටීමට වනු ඇත.

මේ වන විටත් ඇමරිකානු රජය විසින් තායිවාන ජාතික සමාගමක්  වන TSMC වෙත Huawei සමාගම සමඟ ඇති ව්‍යාපාර කටයුතු අත්හිටවන මෙන් බලපෑම් කරන අතර ඒ හරහා විදේශ රටවල ඇමරිකානු තාක්ෂණය භාවිතා කරමින් නිපදවන chip Huawei සමාගම සතුවීම වැළැක්වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. US State Department එක විසින් නිකුත් කර ඇති පහත ප්‍රකාශයෙන් එය ඔවුන් තහවුරු කර ඇති අතර එයින් ඔවුන් Huawei සමාගමට චෝදනාද එල්ල කර ඇත.

“stealing U.S. technology, conspiracy, wire fraud, bank fraud, racketeering, and helping Iran to evade sanctions, amongst other charges”

Huawei සමාගමේ Kirin chipset නිපදවීම සිදු කරන්නේ ඉහත කී තායිවාන සමාගමක් වන TSMC මඟිනි. ඒ කෙසේ වුවත් මෙලෙසින් වැඩිවන සම්බාධක නිසා Huawei සමාගම තම Kirin chipset නිෂ්පාදනය එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට නැවැත්වීමට තීරණය කර ඇත. ඒ පිළිබඳව Huawei සමාගමේ Consumer Business Unitහි ප්‍රධානියා වන Richard Yu පහත පරිදි ප්‍රකාශ කර ඇත.

"From September 15 onward, our flagship Kirin processors cannot be produced and our AI-powered chips also cannot be processed. This is a huge loss for us"

මීට අමතරව ඔහු චීන මූල්‍ය ප්‍රකාශක පුවත්පතක් වන Caixin වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් Kirin chipset නිපදවීම සඳහා අවුරුදු 10ක කාලයක සිට Research & Development කටයුතු වල නියුත වූ අතර ඒ සඳහා ඔවුන් විසින් විශාල ධනස්කන්ධයක් ආයෝජනය කල බවයි.

“Huawei began exploring the chip sector over 10 years ago, starting from hugely lagging behind to slightly lagging behind to catching up, and then to a leader. We invested massive resources for R&D and went through a difficult process”

නමුත් Huawei සමාගම මේ වන විටත් ඉදිරියේදී ඔවුන් භාවිතා කිරීමට බලාපොරොත්තු වන chipset එක කුමක්ද යන්න නිල ප්‍රකාශයක් මගින් නිකුත් කර නැත.

Sources: Venturebeat, US Department of Commerce