Loading...
Hutch 2X නමින් නව අන්තරජාල පැකේජ කිහිපයක් වෙළඳපලට

Mobile Data Package අර්බුධයට සාර්ථක විසදුමක් ලෙස Hutch සමාගම විසින් ගෙවන මුදලට වටින නවතම Hutch Mobile Data Packages 04ක් හඳුන්වා දී තිබෙනවා.

Hutch 2X නමින් හඳුන්වා දී ඇති මේ නවතම Packages ඔබගේ පෙර ගෙවුම් හෝ පසු ගෙවුම් Hutch ගිණුම ඔස්සේ පහත Packages සක්‍රිය කර ගත හැකි වනවා.

  1. Anytime 50GB - රු. 1,099.00
  2. Anytime 100GB - රු. 2,099.00
  3. Anytime 200GB - රු. 3,999.00
  4. Anytime Unlimited- රු. 4,999.00

විශේෂයෙන්ම Hutch සමාගම විසින් මේ Packages හඳුන්වා දී ඇත්තේ Home Broadband සහ Mobile Data යන ආකාර දෙකෙන්ම භාවිත කිරීමට බව දක්වන්න පුලුවන්. ඒ අනුව Mobile Hotspot ඔස්සේ ඔබගේ අනෙක් උපාංගයන්ද Hutch සම්බන්ධතාව ඇති උපාංගයට සම්බන්ධ කර භාවිත කරන්නත් පුලුවන්. එමෙන්ම ඔවුන් දක්වන ආකාරයට මෙම සියලු Packages තුළින් ඔබට 20Mbps දක්වා වු අන්තර්ජාල වේගයක් ලබා ගැනිමේ හැකියාවක් තිබෙනවා.

Prepaid පාරිභෝගිකයින් සඳහා Package මුදල Recharge කිරීමෙන්, *131# ඇමතීමෙන් හෝ Hutch APP එක ඔස්සේ ද Postpaid පාරිභෝගිකයින් සඳහා *444# ඇමතීමෙන් හෝ Hutch APP එක ඔස්සේ ඉහත Packages සක්‍රිය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.