Loading...
Group සහ Channel ඇඩ්මින්වරුන්ට තවත් විශේෂාංග එකතු කරමින් Telegram 8.2 යාවත්කාලීනය නිකුත් වේ

නිරතුරුවම ඉතා ආකර්ෂණීය යාවත්කාලීන කිරීම් නිකුත් කරමින් පරිශීලක සිත් දිනාගැනීමට සමත් වූ ප්‍රසිද්ධ යෙදුමක් වන Telegram පසුගියදා ඇන්ඩ්‍රොයිඩ් සහ iOS සඳහා ඔවුන්ගේ නවතම යාවත්කාලීනය නිකුත් කර ඇත. ප්‍රධාන වශයෙන් අධිවේගී අනුචලන සහ දින දර්ශන දසුන් සහිත හුවමාරු කරගත හැකි මාධ්‍ය (Hyper-Speed Scrolling and Calendar View for Shared Media) සහ Group එකකට join විමට request කිරීම් වැනි විශේෂාංග සමඟින් තවත් පහසුකම් රැසකින් මෙය සමන්විත වේ.

අධිවේගී අනුචලන සහිත හුවමාරු කරගත හැකි මාධ්‍ය

සෑම පරිශීලකයෙකුට ම පාහේ unlimited cloud storage එකක් සහ සෑම chat එකකම ඔබ ටෙලිග්‍රෑම් තුල හුවමාරු කරගන්නා media සදහා වෙනම කොටසක් අඩංගු වේ. මෙම නව යාවත්කාලීනය මඟින් එම පිටුවෙහි එක් පසෙක නව දින තීරුවක් එක් කර ඇති අතර එමගින් ඔබට හුවමාරු කරගත් මාධ්‍ය (Shared media) හරහා වේගයෙන් චලනය කිරිමට හැකියාව ඇත. ඒ සඳහා එම තීරුවෙහි එක් ස්ථානයක් touch කර ඉහලට හෝ පහලට ඇද ගෙන යා යුතුය. එමෙන්ම වඩා සුපැහැදිලි දසුන් සඳහා ඇඟිලි තුඩු වලින් හෝ "zoom in"  "zoom out" touch කිරීමෙන් මාධ්‍ය පෙන්වන ප්‍රමාණය විශාල හෝ කුඩා කරගත හැකිය.

හුවමාරු කරගන්නා මාධ්‍ය කැලැන්ඩරයක් තුල පෙන්වීම

ඉහත කී හුවමාරු කරගත් මාධ්‍ය තුළින් අපට අවශ්‍ය ඡායාරූපය හෝ වීඩියෝව සොයා ගැනීම ඉක්මන් කරවීම සඳහා නව දින දර්ශනයක් ඇතුළත් කර ඇත. එය විවෘත කිරීමට දකුණු පස ඉහල කෙළවරේ ඇති (...) තිත් තුනෙන් හෝ මාධ්‍ය පිටුවේ දකුණු පස ඇති දින තීරුව touch  කිරීමෙන් කළ හැකිය. ඉන්පසු එම මෙනුව තුලින් මාධ්‍ය පිටුවෙහි පෙන්විය යුත්තේ ඡායාරූප පමණක් ද වීඩියෝ පමණක්ද යන්න ඔබට තෝරාගත හැක. එලෙස තේරීමෙන් පසු දින දර්ශනයෙහි තමාට අවශ්‍ය දිනය මත touch කිරීමෙන් එදිනට අදාළ සියලු ඡායාරූප හෝ වීඩියෝ පට ඔබට දැක ගැනීමට ලැබේ.

සමූහ සහ නාලිකා සඳහා සම්බන්ධවීමට ඉල්ලුම් කිරීම (Join Requests)

Telegram පරිශීලක ඔබට දැන් සමූහ සහ නාලිකා සඳහා විශේෂ invite links සැකසිය හැක. එම link එක පුද්ගලිකව බෙදාගන්නෙ ද නැතිනම් QR කේතයක් ලෙස දක්වන්නේද යන්න ඔබට තීරණය කළ හැකිය. නව යාවත්කාලීනයත් සමගම අප සාදාගන්නා invite link සදහා යම් කෙනෙකුන් එකතු වීමේදී එහි ඇඩ්මින්වරුන්ගේ අනුමැතිය මත පමණක් එකතු කරගනීමේ හැකියාව සහිත නව විශේෂාංගයක් එකතු වී ඇත. ඔබ zoom භාවිතා කරන අයෙක් නම්, waiting room නම් විශේෂාංගයේ වැඩි දියුණු කිරීමක් ලෙස අපට දැකගත හැකියි.

ඇඩ්මින්වරයා විසින් අදාළ චැට් එකෙහි ඉහළ ඇති පැනලය මත click  කිරීමෙන් මෙම invite link හරහා ඔබේ සමුහයට එකතු වීමට request කර ඇති පරිශීලකයින්ව නැරඹිය හැකි අතර ඔවුන්ව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙර ඇඩ්මින්වරයාට අදාල සාමාජිකයාගේ පොදු දත්ත (Profile picture සහ Bio ආදිය) නිරීක්ෂණය කිරීමටද හැකියාව ඇත.

දැන් ඕනෑම සමූහයක settings මගින් පරිපාලකයින්ට පමණක් පෙනෙන පරිදි invite link සඳහා විශේෂිත වූ විකල්ප නම් ලබාදිය හැකිය. මෙලෙස link සඳහා විශේෂිත නම් ලබාදීම මගින් වඩා සංවිධානාත්මකභාවයක් ලබා ගත හැකි අතර ඔබ ඔබගේ link සඳහා කාල සීමාවන්, භාවිත ගණන යනාදී විකල්ප භාවිතා කරන්නේ නම් මෙලෙස විකල්ප නම් යෙදීම වඩා වැදගත් වේ.

iOS යෙදුම සඳහා ගෝලීය තේමාවන් (Global Theme)

Telegram යෙදුම මීට පෙර නිකුත් කළ අවසාන යාවත්කාලීනය මඟින් පෞද්ගලික සංවාද සඳහා නව වර්ණ තේමාවන් 8 ක් ගෙන එන ලදී. නමුත් මෙවර යාවත්කාලීනයෙන් iOS සඳහා පමණක් මුළු යෙදුමට ම ක්‍රියාත්මක කළ හැකි පරිදි එම චැට් තේමා 8 විවෘත කර ඇත. සෑම තේමාවකට ම දිවා රාත්‍රි  (Dark mode සහ Light mode) ඇති අතර වර්ණවත් සජීවීකරණ පසුබිමක් ද සහිත වේ. මෙලෙස තේමා තේරීම පහසු කිරීම සඳහා settings  කොටස ප්‍රතිනිර්මාණය කර ඇති අතර ඒ අනුව Appearance > Chat Themes යටතේ ඔබට එය ඉතා පහසුවෙන් සිදුකල හැකිය.

iOS තුල ඔබ හුවමාරු කරගන්නා Location සඳහා සංක්‍රමණ වේලාවන්

Telegram මඟින්  හුවමාරු කරගන්නා location තුළින් ඔබ සඳහන් කළ ස්ථානයට ඔබගේ මිතුරාට පයින්, මෝටර් රථයෙන්, යතුරු පැදියෙන් හෝ පොදු ප්‍රවාහනයකින් කෙතරම් ඉක්මනින් පැමිණිය හැකි වේ දැයි දැනගැනීම සඳහා මෙම පහසුකම තුලින් ඉඩකඩ සැලසේ. කෙටි මාර්ගයක් ගැන විස්තර ඔහුට පෙන්විමට වැනි අමතර ක්‍රියාවක් සදහා ගමන් කාලය මත touch කළ යුතුය. එවිට ඔබ කැමති යෙදුමක් (Google Map... වැනි) තුළින් මෙය open වනු ඇත. මෙමගින් ඔබට හා ඔබගේ මිතුරා හමුවීමට තව කෙතරම් කාලයක් ගතවේද යන්න ද දැක ගත හැකිය.

iOS සදහා shared media වල තවත් වැඩිදියුණු කිරීමක්

සාමාන්‍යයෙන් අප කලින් type කල පණිවිඩයකට media එකතු කිරීමේ දී එම text එක media එක සඳහා එකතු නොවේ. මෙවැනි අවස්ථාවක අප එය නැවත type කර caption එකට එකතු කළ යුතුය. නමුත් මෙවර යාවත්කාලීනය මගින් අප විසින් කලින් type කළ පණිවිඩයක් සදහා media එකක් එකතු කිරීමේ දී එම text එක caption එකක් ලෙස ස්වයංක්‍රීයව එකතුවේ.

නව අන්තර්ක්‍රියාකාරී ඉමෝජි

ඔබ දන්නා පරිදි පෙර යාවත්කාලීනයේදී හඳුන්වාදුන් අන්තර් ක්‍රියාකාරී ඉමෝජී (Interactive Emoji) වලට අමතරව මෙවර යවත්කාලීනයේ දී ද තවත් එවැනි ඉමෝජි කීපයක් නිකුත් කර ඇත. (?, ?, ?, ?, ? සහ ? ) මෙම ඉමෝජි මත  touch  කිරීමෙන් දැන් මුළු තිරයට ම බලපාන ලෙස ලෙස සජීවිකරණය ක්‍රියා කරයි. එමෙන්ම ඔබ සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයාගේ ද chat එක විවෘත ව තිබේ නම් ඔවුන්ට ද මෙම සජීවීකරණය දිස්වේ

Source: Telegram, Telegram Info Sinhala