Loading...
Designing, Programming වලට අවශ්‍ය icons නොමිලේ

සුභ දවසක්. ඔන්න අදත් මම ආවා හොද software එකක් අරගෙන. Programming, Designing කරන අයට වගේම Creative art කරන අයටත් මේ එක එක වර්ගයේ logo සහ icons ගොඩක් අවශ්‍ය වෙනවා.

ඉතින් මේ හැම Icon එකක්ම Google කරලා හොයාගෙන ඩවුන්ලෝඩ් කරලා තමයි අපි අපිට ඕන විදියට ගන්නේ. සමහර වෙලාවට අපිට ඕන පාටින් ඒ icon එක ගන්නත් බෑ. එතකොට ඉතින් තව වෙලාවක් අරගෙන Photoshop දාලා ආයෙත් හදන්න ඕනනේ. ඉතින් මේකට හොදම විසදුම තියන ඇප් එකක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ ඇප් එක තමයි Icon8 කියන්නේ.

විශේෂත්වය

මේ ඇප් එකේ විශේෂත්වය තමයි icons 126000 ට වඩා තියන එක. අනෙක ටිකක් විශාල pixel ප්‍රමාණයේ icon නොමිලයේ ගන්න පුලුවන්. තව මේකේ ඕනම පාටකින් ඒ icon එක ගන්නත් පුළුවන්. මේ icon එක අපිට ඕනම folder එකකට නැතිනම් Adobe XD, Netbeans වගේ කැමති software එකක ඇතුලට drag කරලා දාගෙන ඉතාමත් පහසුවෙන් ගන්න පුලුවන් එක තමයි මෙතනින් සුවිශේෂම කරුණ වෙන්නේ.

Icons8

කොහොමද ගන්නේ

මේ ඇප් එක ඔයාට free download කරගන්න පුලුවන් එකක්.

Download - Windows | MacOS

ඒනම් මෙවැනි තවත් අලුත් Software එකකින් හමුවෙමු. අදහස් comment කරන් යන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්.