Loading...
Crack කරලා පාවිච්චි කරන IDM වෙනුවට Free දෙන XDM

Internet Download Manager කිව්වම ඉතින් කවුද නොදන්නෙ. අපේ ගොඩක් අය IDM කියලනෙ කියන්නෙ. ගොඩක් අපේ අය Computer එකක් ගත්ත ගමන් දාන Software සෙට් එකේ තියෙන software එකක්. හැබැයි පොඩි අවුලක්, අපි ඕක පාවිච්චි කරන්නෙ නීත්‍යානුකූලවද?

නෑ, නීත්‍යාණුකූලව IDM නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් මාසයයි. ඊට පස්සෙ ඕක පාවිච්චි කරන්නෙ crack කරලනෙ.

ඔව්, දැණුවත්ව හෝ නොදැනුවත්ව IDM එක Crack කරලා තමයි පාවිච්චි කරන්නෙ. එහෙම Crack නොකර, නොමිලේ දෙන, වඩා හොඳ Download Manager එකක් පාවිච්චි කරලා බලමුද?

ඒ තමයි XDM එහෙමත් නැත්නම්  Xtreme Download Manager කියන software එක. මම දැන් මේක අවුරුද්දක් විතර Linux, Debian based distro එකක කිසි අවුලක් නැතුව පාවිච්චි කරනවා. මේකෙත් IDM වල වගේම Browser integration features තියෙනවා.

විශේෂත්වය තමයි මේක Java ඇප් එකක්, ඒ කිව්වෙ Java language එක භාවිතා කරලා ලිව්ව software එකක්. ඒ නිසා මේකට Platform independent ගුණය පිහිටලා තියෙනවා, ඒ කිව්වෙ මේක ඕනම Platform එකක run කරවන්න පුළුවන් Java Runtime Environment එක තියේ නම්. (ගොඩක් Linux distro වල දාලම එවනවා JRE එක.)

වැඩේ තවත් පහසු කරන්න, මේ App එක හැදුව developer විසින් Windows මෙහෙයුම් පද්ධති සඳහා installer එකකුත් දීලා තියෙනවා. ඒ නිසා මේකත් සාමාන්‍ය ඇප් එකක් විවියට download කරලා install කරගන්න පුළුවන්. මම මේ software එක Windows වලත් install කරලා පරීක්ෂා කරලා බැලුවා.

මේකෙත් IDM වල වගේම අපි බාගත කරන file එක කොටස් වලට කඩලා තමයි බාගත කරන්නෙ. ඒ නිසා වේගයෙත් වෙනසක් නෑ.

ඉතින් වැඩි කතා මොකටද, නිකන් දෙන මේ Software එක ඔයාලම බාගෙන බලන්න. පහළින් මම XDM Official site එකේ ලිංක් එකක් දෙන්නම්.

https://subhra74.github.io/xdm/#downloads

ගිහින් එන්නම්, ඔබට ජය!