Loading...
Intel සමාගම විසින් Iris Xe Graphics ඇතුලත් තම නවතම 11th-gen Tiger Lake Processors නිවේදනය කරයි

Intel සමාගම සිය නවතම පරම්පරාවේ processor එක වන Tiger Lake 11th-generation chip එක announce කරලා තිබෙනවා. මේ නවතම චිප් එක හරහා ඔවුන් Thunderbolt 4 support, WiFi 6 ඇතුළු බොහෝ features ලබා දීමට කටයුතු කර තිබෙනවා. Intel සමාගම විසින් සිදුකර ඇති නිවේදනය පරිදි laptop සදහා වන processor ඉලක්ක කොට ගෙන thin and light laptops වෙනුවෙන් U-series processors එළිදැක්වීමට නියමිතයි.

Intel සමාගම නිවේදනය ඇති පරිදි processor 9ක් ඇති අතර Core i7-1185G7 එහි ිහලම බලයකින් යුතු චිප් එක ලෙස පවතිනවා. මෙය 4 cores/ 8 threads වෙන අතර base frequency 3.0GHz වෙනවා. එය Intel සමාගමේ නවතම Iris Xe graphics සමග පැමිණෙන අතර i7-1185G7 හිදී Iris Xe graphicsහි වේගය 1.35GHz දක්වා ඉහළ යන බව ප්‍රකාශ කර තිබෙනවා.

Tiger Lake Intel සමාගමේ දැනට පවතින Ice Lake chips වගේම 10nm process වලින් නිපදවලා තියෙන්නේ. Intel සමාගම පවසන්නේ නව processor Willow Core architecture අනුව නවතම '10nm SuperFIN' design upgrade ඇති බවයි. සමාගම පවසන්නේ මෙය අඩු බලශක්තියක් භාවිතයෙන් වැඩි වේගයක් ලබාදෙන බවයි.

Intel සමාගම නිවේදනය කල සියලුම processer පහතින් දැක්වේ.

ProcessorCores/ ThreadsBase ClockBoost ClockBoost Clock (Single Core)GraphicsTDP
Core i7-1185G74/83.0GHz4.3GHz4.8GHzIris Xe12-28W
Core i7-1165G74/82.8GHz4.1GHz4.7GHzIris Xe12-28W
Core i5-1135G74/82.4GHz3.8GHz4.2GHzIris Xe12-28W
Core i3-1125G44/82.0GHz3.3GHz3.7GHzIntel UHD12-28W
Core i3-1115G42/43.0GHz4.1GHz4.1GHzIntel UHD12-28W
Core i7-1160G74/81.2GHz3.6GHz4.4GHzIris Xe7-15W
Core i5-1130G74/81.1GHz3.4GHz4.0GHzIris Xe7-15W
Core i3-1120G44/81.1GHz3.0GHz3.5GHzIntel UHD7-15W
Core i3-1110G42/41.8GHz3.9GHz3.9GHzIntel UHD7-15W

Intel සමාගම Tiger Lake processors processor සමග Xe graphics ද නිවේදනය කරන ලදී. Core i5 හා i7 සදහා Xe graphics ලබාදෙන අතර i3 සදහා UHD graphics පමණක් දිගටම ලබා දේ.

සමාගම පවසන ආකාරයට Xe graphics මීට ඉහත පැවති graphics වලට වඩා දෙගුණයක performance ලබාදේ. එමෙන්ම ඔවුන් තම Xe Graphics වල බලය පහතාකාරයට සංසන්දනාත්මක වාර්තාවකින් දක්වා ඇත.

Source: TechRepublic