Loading...
Intel Alder Lake(12th gen) CPU වල UEFI/BIOS කේතයන් ලීක් වෙ​යි

Intel සමාගමේ මෑතක හඳුන්වා දුන් Alder Lake(12th gen) ප්‍රොසෙසර් වල BIOS සඳහා වන Source Codes,  4chan නම් නාඳුනන පුද්ගලයෙකු විසින් GitHub වෙත මුදාහැර තිබෙනවා. Decompress කළ පසු 5.86 GB දක්වා වන 2.8 GB zip ගොනුවේ අන්තර්ගතය සත්‍ය ද යන්න සහ සැබවින්ම Source Codes ඇතුළත් දැයි තහවුරු කිරීමට නොහැකි වී ඇතත්, පසුව Intel සමාගම විසින් මෙම Source Codes සැබෑ බව තහවුරු කිරීමෙන් පසු ආරක්ෂක පර්යේෂකයන් මෙම කේත පරීක්ෂා කරමින් පවතින බව වාර්තා වේ.

Intel සමාගම Alder Lake CPU Platform සහ Chipset සඳහා BIOS/UEFI Firmware Program කිරීම සඳහා නිර්මාණය කර ඇති Data සහ Tools විශාල සංඛ්‍යාවක් ගොනුවේ අඩංගු වන බව පෙනේ. ලිපිගොනු ලබාගත්තේ කෙසේද යන්න අපැහැදිලි වුවත්, ඒවායින් එකක් " Lenovo Feature Tag Test Information." ලෙස සඳහන් ව ඇත.

මෙම Files වල Critical information ඇතුලත් වුවද, ඒවා exploits නිර්මාණය කිරීමට තරම් හැකියාවකින් යුතුද යන්න තවමත් හෙලි වී නොමැත. කෙසේ වෙතත් මෙම Files,  Motherboard නිෂ්පාදකයෙකු හෝ වෙනත් OEM Firmware නිර්මාණය කරනු ලබන තෙවන පාර්ශවයක් මගින් Leak වීම සිදුව ඇත්නම්, Intel සමාගම ඔවුන්ගේ තොරතුරු බාහිර පාර්ශවයන්ට ලබාදීමේදී වඩාත් සංවේදී තොරතුරු ලබා නොදීමට ඉඩ ඇති බවත්, එමෙන් ම මෙවැනි Leak මගින් පරිගණකවල TPM (Trusted Platform Module) වැනි ආරක්ෂක ක්‍රමවේදයන් වල ආරක්ෂක දුර්වලතා ඇති කළ හැකි බව ද පර්‍යේෂකයන් දක්වා ඇත.

Sources: thehackernews.com digitaltrends.com techpowerup.comCover Image Source: Intel