Loading...
Intel සමාගම විසින් 12 වෙනි පරම්පරාවේ නව Mobile සහ Desktop processors එලිදැක්වීමට කටයුතු කර​යි

පසුගිය දිනවල පැවති CES 2022හිදී Intel සමාගම විසින් ඔවුන්ගේ නවතම 12th Gen Intel Core H-series mobile සහ desktop processors එලි දැක්වීම සිදු කරනු ලැබුවා. නවතම mobile processors, Intel Core i9-12900HK පාදක කරගෙන නිපදවා ඇති අතර එය ලොව ඇති වේගවත්ම processor සහ ලොව හොඳම gaming platform එක බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

12th Gen Intel Core Mobile Processors

නව 12th Gen Intel Core mobile processors නිපදවා තිබෙන්නේ Intel 7 process එකෙන් වන අතර එය පෙර පැවති processor වලට වඩා 40%ක ප්‍රමාණයකින් වේගවත් වන බව Intel සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම processor එක single සහ multi-threaded apps සඳහා සහය දක්වන අතර ඒ හරහා Intel සමාගම විසින් ඔවුන්ගේ intel Thread Directorහි සහය හරහා Performance-cores සහ Efficient-cores ඒකාබද්ධ කර system performance වැඩිදියුණු කිරීම සිදු කරනු ලබනවා. Intel Core i9-12900HK processor එක 5GHz වේගයක් දක්වා සහය දක්වනු ලබන අතට Performance cores 6කින්ද Efficient cores 8කින්ද යුතු Cores 14කින් සමන්විතවනවා.

මෙම H-series processor හරහා පෙර පැවති processor වලට වඩා gaming සඳහා 28%ක වේගයක් ලබා දීම සිදු කරන අතර 3D redering සඳහා පෙර පැවතියාට වඩා 43%කින් වැඩි වේගයක් ලබා දෙනු ලබන බව Intel සමාගම විසින් මෙම එලිදැක්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා. මෙම processor එක DDR5/LPDDR5 සහ DDR4/LPDDR4 සඳහා දක්වනු ඇත. ඊට අමතරව Wi-Fi 6E සහ Thundebolt 4 සඳහා සහය දක්වනු අතර ඒ හරහා වේගවත් දත්ත හුවමාරුවකට හැකියාව හිමිවනු ඇති අතර desktop-caliber නම් පහසුකමක්ද මේ සමඟම හදුන්වාදීමට Intel සමාගම කටයුතු කරනු ලැබුවා. මෙම processor මාදිලිය 2022 වර්ෂයේ පෙබරවාරි මස සිට වෙළඳපලට නිකුත් කෙරෙනු ඇත.

මෙම H-series processor වලට අමතරව Intel සමාගම විසින් ඉදිරියේදි එලිදැක්වීමට නියමිත U-series සහ P-series processor ගැනද නිවේදනය කරනු ලැබූ අතර ඒවා cores 14කින් සහ threads 20කින් සමන්විත වන අතර Iris Xe integrated graphics වලින් සමන්විත වනු ඇත. U-series එකේ processors 9W සිට 15W දක්වා සහය දක්වනු ලබ අතර මේවා නිර්මාණය කර තිබෙන්නේ වඩාත් සිහින්, සාමාන්‍ය භාවිතාවට ගන්​නා ලැප්ටොප් පරිගණක සඳහාය. P-series processors 28W දක්වා සහය දක්වන අතර එය නිර්මාණය කර තිබෙන්නේ සිහින්, වැඩි බලයකින් යුතු ලැප්ටොප් පරිගණක බල ගැන්වීම සඳහාය.

Intel 12th Gen Core Desktop Processors

Mobile processors වලට අමතරව Intel සමාගම විසින් desktop පරිගණක සඳහා Intel Core i9 සිට Pentium සහ Celeron දක්​වා නව processors 22ක් එලිදැක්වීම සිදුකර තිබෙනවා. මෙම නව desktop processors 35W සහ 65W වන අතර මේ​වා හරහා gaming, content creation සහ අනෙකුත් බලය වැඩියෙන් අවශ්‍ය වන ක්‍රියාකාරකම් සිදු කිරීමේ හැකියාව පවතිනවා.

65W processors සඳහා Intel Laminar coolers භාවිතා වේ. මේ අතරම Intel සමාගම විසින් PCIe 4.0 lanes, Wi-Fi 6E, Intel Volume Management Device (VMD), overclock කිරීමේ පහසුකමද ඇතුලුව තවත් පහසුකම් රාශියකින් යුතුව Intel H670, H610, සහ B660 නම් chipset කිහිපයක්ද හදුන්වාදීම සිදු කරනු ලැබුවා.

Intel සමාගම විසින් ලැප්ටොප් පරිගණක සඳහා වන IntelEvo platform එක යාවත්කාලීන කර තිබෙන අතර Intel vPro Enterprise, Intel vPro and Intel Evo Design, සහ Intel vPro Essentials ලෙසින් Intel vPro නමින් platform එකක්ද හදුන්වාදෙනු ලැබුවා.

Sources: Intel, Windows