Loading...
මිලෙන් අඩු Pentium Gold G7400T CPU එකක් 5.8 GHz දක්වා overclock කිරීමට Hicookie සමත් වේ

මේ වෙද්දී Intel Alder Lake CPU lineup එක එහි performance සමඟ CPU වෙළඳපොළෙහි නව සලකුණක් තැබීමට සමත් වෙලා තියෙනවා. එත් එක්කම Intel 12th-gen CPU වල K නොවන version (overclock feature එක නැති) පවා, overclock කිරීමෙන් පසුව ඉතා හොඳින් ක්‍රියා කිරීමත් සමග “Hicookie” නම් වෘත්තීය overclock වරයෙකු විසින් Intel හි ලාභම Alder Lake CPU එක වන Pentium Gold G7400T CPU එක 3.1 GHz සිට 5.8GHz දක්වා overclock (අධිස්පන්දනය) කිරීමට සමත් වෙලා තියෙනවා.

මෙය “BLICK” feature එක හරහා base clock එක adjust කිරීමෙන් සිදු කර තිබෙනවා. සරලවම කිවුවොත් Hicookie ට තමයි දැනට ලෝකේ fastest ම Dual Core CPU එක තියෙන්නේ.

Cores දෙකකින් හා Threads 4 කින් සමන්විත Alder Lake Pentium Gold G7400T කියන්නේ Basic Specification එකක් සහිත simple CPU එකක්. 3.1Ghz ක clock speed එකකින් සමන්විත මෙය 2.5MB L1 cache එකකින්, 6MB L3 cache එකකින් සමන්විත වන මෙය 35W TDP එකක් සහිත CPU එකක්.

ඇත්තටම මේ CPU එක 35W TDP low-temperature එකක් යටතේ perform කරන CPU එකක් උනත් Alder Lake-S chip එකක් overclock කරද්දී අනිවාර්යයෙන් ලොකු heat එකක් generate වෙනවා. ඉතින් මෙතනදී ඔයාට ලොකු ගානක premium cooling system එකකටත් invest කරන්න සිද්ධ වෙනවා.

මෙතන දී Hicookie විසින් Pentium G7400T CPU එක 5.8GHz කට overclock කිරීම සදහා BLICK එක 187MHz කට වෙනස් කරලා තියෙනවා. (87% ක වෙනසක්) ඒ වගේම voltage එක 1.656V කට වැඩි කරලා තියෙනවා. Liquid nitrogen cooler එකකින් processor එක සුදුසු උෂ්ණත්වයක් යටතේ පවත්වාගෙන තියෙනවා. Gigabyte AORUS Z690 Tachyon, motherboard එක වශයෙනුත් යොදා ගෙන තියෙනවා. මේ CPU/Motherboard ගැළපීම අමුතු දෙයක් වගේ පෙනුනත්, ඉහත experiment එකට එය අතවශ්‍ය අංගයක් වුනා කියල Hicookie ප්‍රකාශ කරලා තියෙනවා.

Sources: PC Gamer, Digital Trends