Loading...
iPhone 16 මාදිලිය නිල වශයෙන් එළිදැක්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

දැනටමත් ලොව පුරාම අවධානය යොමු වී තිබෙන Apple සමාගමේ නවතම iPhone Series එක එළිදැක්වීමේ දිනය මේ වන විට Apple සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Glowtime නමින් නම් කර ඇති මේ Event එක එළඹෙන සැප්තැම්බර් 09 වන දින Apple Parkහිදී සුපුරුදු පරිදි ආරම්භ වීමට නියමිත වනවා.

බොහෝ දෙනා බලාපොරොත්තු වන අයුරින් iPhone 16 Series එක, Watch Series 10 (හෝ X) සහ නව AirPods නිකුත් වීමට නියමිත වනවා. ඒ අනුව iPhone 16 Series එක යටතේ Devices 04ක් නිකුත් වනු ඇති අතර ඉන් iPhone 16 සහ 16 Plus නව Camera Design එකකින් යුතු වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. මීට අමතරව Apple Watch Series 10 සහ Apple Watch Ultra සහ 4th Generation AirPods හඳුන්වා දෙනු ඇත.

මෙලෙස සැප්තැම්බර් 10 වන දින එළිදක්වන iPhone 16 Series එක එළඹෙන සැප්තැම්බර් 20 වනදා සිට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි දක්වන්න පුලුවන්.


ශ්‍රී ලංකාවේ වේලාවෙන් සැප්තැම්බර් 09 වනදා රාත්‍රී 10.30 සිට ඔබට මේ සමඟ සම්බන්ධ විය හැකි අතර එසැනින් ඒ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප සුදානමින් සිටිනවා.