Loading...
Apple සමාග​ම iPhone 16 Pro ස​හ iPhone 16 Pro Max එළිදැක්වීමට කටයුතු කර​යි

තාක්ෂණික ලෝකය පිළිබඳව අවදානයෙන් ඉන්න හැමෝම බලාගෙන ඉන්​නේ ඇපල් සමාගම විසින් සෑම වසරකම එළිදක්වන නවතම ජංගම දුරකතන මාදිලිය එළිදැක්වීම ගැන. 2024 වර්ෂය සඳහා වන නවතම ජංගම දුරකතන මාදිලීන් ලෙසින් ඇපල් සමාගම ඊයේ දිනයේදී (සැප්තැම්බර් 9, 2024) දිනයේදී iPhone 16 මාදිලිය එළිදක්වනු ලැබුවා. මේ සමඟින් iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max යන මාදිලීන් එළිදැක්වීම සිදු කෙරුනා.

මේ වන විට ලෝකය පුරාවටම උන්මාදයක් ලෙසින් පැතිර ගොස් ඇති කෘත්‍රීම බුද්ධිය අඩංගු කරමින් ඇපල් සමාගම ඔවුන්ගේ නවතම ජංගම දුරකතන මාලාව එළිදැක්වීමට කටයුතු කරන ලද්දේ මාස ගණනක් පුරාවටම නන් අයුරින් අන්තර්ජාලයට පල වූ rumors වල සඳහන් වූ බොහොමයක් දෑ නිවැරදි බව පසක් කරමිනි.

මේ ලිපි​ය හරහා ඔබ වෙත අප විසින් ගෙන ඒමට සූදානම් වන්නේ, ඇපල් සමාගම විසින් එතෙක් මෙතෙක් එළිදැක්වූ බලගතුම ජංගම දුරකතන මාදිලිය වන iPhone 16 Pro සහ iPhone 16 Pro Max යන මාදිලීන් දෙක පිළිබඳවයි.

Display

පසුගිය වසරේ එළිදැක්වූ iPhone 15 Pro මාදිලීන් වලට වඩා ප්‍රමාණයෙන් විශාල display වලින් සමන්විත වන iPhone 16 Pro මාදිලීන් වල display, iPhone 16 Pro හි අඟල් 6.3 වන අතර iPhone 16 Pro Max අඟල් 6.9 ලෙසින් වනවා. මේ ද්විත්වයම 120Hz ProMotion තාක්ෂණයෙන් සහ AOD functionality එකන් සමන්විත ව​න Super Retina XDR OLED panel වනවා.

Performances

iPhone 16 Pro මාදීලින් Apple Intelligence සහය සහිතව, ඇපල් සමාගම විසින් නිපදවූ නවතම A-18 Pro chipset වලින් බ​ල ගැන්වෙන අතර TSCM හි දෙවන පරම්පරාවේ 3nm ක්‍රියාවලිය හරහා නිපදවා තිබෙනවා. මෙය 6-core CPU එකකින්, 6-core GPU එකකින් සහ 16-core Neural Engine එකකින් සමන්විතවනවා.

Machine learning tasks සඳහා වන 16-core Neural Engine එක හරහා තප්පරයට ගණනය කිරීම් ට්‍රිලියන 35ක ප්‍රමාණයක් සිදු කල හැකි බව ඇපල් සමාගම විසින් ප්‍රකාශ කර සිටියා. මේ නව A18 Pro chipset එක එහි පෙර chipset එක වන A17 Pro වලට වඩා 15%කින් වේගවත් වන අතර, තම memory bandwidth එක 17%කින් ඉහළ නංවා ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම A17 Pro වලට වඩා 20% ගුණයක වේගයකින් graphics raytracing සඳහා සහය දක්වන අතර A17 Pro මත ධාවනය වනවාට වඩා 50% ගුණයක වේගයකින් Apple Intelligence A18 Pro මත ධාවනය වන බව ඇපල් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ හරහා ඔබව Siri, ChatGPT integration, summarize feature, writing tools සහ තව​ත් Apple Intelligence පහසුක​ම් ඉතාමත් පහසුවෙන් භාවිතා කල හැකි වනවා.

Camera Upgrades

මේ මාදිලීන් දෙකම නවතම කැමරා පහසුකම් වලින් යුක්ත වනවා. පෙර Pro මාදිලීන් වල මෙන්ම කැමරා ත්‍රිත්වයකින් සමන්විත මේ කැමරා setup එක නව 48MP Fusion කැමරාවකින් සමන්විත වන අතර එය 2nd-generation quad-pixel sensor බලගැන්වෙනවා. මීට අමතරව quad-pixel sensor ස​හ autofocus වලින් සමන්වි​ත 48MP ultra-wide cameraවක්ද අඩංගු වන මේ සඳහා පෙර පැවති f/2.8 aperture සමන්වි​ත 12 MP Telephoto lens එක නොවෙනස්ව පවතිනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ iPhone Pro සඳහාද 5xtelephoto lens එක ලබා දීමයි.

ඉහත සඳහන් කල නව 48MP Fusion Camera සමඟින් iPhone 16 Pro මාදිලීන් සඳහා 4K 120fps video recording කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මීට අමතරව camera app එක සඳහා ලබා දී ඇති intelligent audio treatment හරහා අනවශ්‍ය ශබ්දයන් ඉවත් කරගැනීම සිදු කර ගත හැකියි. Mic පද්ධතියේ සිදු කල වැඩිදියුණු කිරීම් හරහා AirPods හෝ Vision Pro භාවිත කරන අවස්ථාවන් වලදී video record කිරීමේ​දි Spatial Audio පටිගත කිරීමේ හැකියාවන්ද සමන්විත වනවා.

නවතම පහසුකම, Camera Control button

මෙවර ඇපල් සමාගම විසින් මීට පෙර iPhones සඳහා ලබා නොදුන් විශේෂාංගයක් එක් කිරීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් විසින් ලබා දී ඇති capacitive Camera Control button එක හරහා ඉතාමත් පහසුවෙන් කැමරාව හැසිරවීම සිදු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ​මේ හරහා කැමරා ඇප් එක විවෘත කිරී​ම, දෙපසට swipe කිරීම හරහා zoom in සහ zoom out කිරීම, Focus adjust කිරී​ම සහ තවත් දෑ සිදු කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලැබී තිබෙනවා. මේ Camera control button එක Visual Intelligence පහසුකම් සඳහාද සහය දක්වනු ලබනවා.

One click launches the camera, another takes a photo, and a click-and-hold starts video recording

අනෙකුත් වැඩිදියුණු කිරී​ම්

iPhone 16 Pro මාදිලීන් සඳ​හා තවත් වැඩිදියුණු කිරීම් කිහිපයක් ලබා දීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා. Wi-Fi 7 support, all-day battery life, programmable Action Button, Upgraded Microphone ඒ අතර වනවා. මේ සියළුම දුරකතන බල ගැන්වෙන්නේ iOS 18 වලින් වන අතර ඒ හරහා ලැබෙන විශේෂාංග සහ පහසුකම් පිළිබඳව මීට පෙර අප විසින් ගෙන ආ ලිපිය පරිශීලනය කිරීම හරහා ඔබට වැඩි විස්තර ලබා ගැනීමට හැක.

Apple සමාගම විසින් iOS 18 සංස්කරණය එලිදක්ව​යි
ඊයේ (2024 ජුනි 10) පැවැත්වුනු WWDC 2024හිදී Apple සමාගම විසින් නවතම iOS සංස්කරණය වන iOS 18 එලිදැක්වීම සිදු කරනු ලැබුවා. පසුගිය iOS සංස්කරණ වලට වඩා විශාල පහසුකම් සහ විශේෂාංග රැසක් ඇතුලත් කරමින් මෙව ර iOS 18 සැප්තැම්බරයේ දී නිකුත් කිරීමට ඔවුන් සූදානම්ව සිටිනවා. iOS 18 ගැන Keynote එකේදී කතා කරපු දේවල් කෙටියෙන් අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. Home screen customization කාලයක් පුරාවට විශාල වෙනස්කමකින් තොරව ඇපල් පාරිභෝගිකයන්ට ලැබුනු Home screen එක මෙවර මුළුමනින්ම වෙනස්ම අත්දැකීමක

iPhone 16 Pro 128GB, 256GB, 512GB, ස​හ 1TB යන storage options වලින් ලබා ගත හැකි අතර 16 Pro Max 256GB, 512GB, ස​හ 1TB ය​න storage options වලින් ලබා ගත හැකියි.

iPhone 16 Pro $999 සිට ඉහළටද, iPhone 16 Pro Max $1,199සිට ඉහළටද මිල නියම කර තිබෙනවා.