Loading...
Samsung සමාගම Android අතහැරීමේ සූදානමක්?

Samsung සමාගම කියන්නේ Android OS එක ඉතා සාර්ථක ලෙස භාවිත කරන Smart Phone නිෂ්පාදන සමාගමක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ වෙන විට වාර්තා වෙන තොරතුරුවලට අනුව ඉදිරියේ Samsung සමාගමේ Smart Phones සදහා Android OS එකේ සහය නොලැබිමේ හැකියාවක් පවතිනවා.

ඒ Samsung සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සදහා නව Operating System එකක් Google's laboratories හි සංවර්ධනය කරමින් සිටින බැවින්. මේ නව OS එක Fuchsia නමින් හදුන්වනු ලබනවා. කෙසේ වෙතත් වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් ඉදිරි අනාගතයේදි Fuchsia OS එක සමගින් Android OS එක අතහැර යාමේ හැකියාවක් තිබෙනවා.

Samsung සමාගම විසින් ඉතා ඉක්මනින්ම Android OS එක අතහැර Fuchsia OS එක වෙත මාරැ විම බලාපොරොත්තු විය නොහැකි අතර මේ සදහා බොහෝ විට තවත් වසර කිහිපයක් ගත වෙනු ඇත. ඒ වගේම දැනට Android OS එක සමග Samsung සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සදහා නිකුත් කරන One UI හෝ එවැනි වෙනත් Skin එකක් සමග මේ Fuchsia OS එක නිකුත් විමේ ඉඩකඩත් පවතිනවා.

Google සමාගම විසින් Fuchsia වැඩි දියුණු කරනු ලැබුවේ wearables, smartphones, tablets, computers හා IoT ආදි විශාල පරාසයක Smart Products රැසක් සදහා අවශ්‍ය සහය ලබා දිමටයි. මේ Fuchsia OS එක දැනටමත් Google Nest Hub තුල භාවිතයට ගෙන තිබෙනවා.

ඉදිරි වසර කිහිපය තුල Fuchsia OS එක සාර්ථකත්වයට පත් වුවහොත් Samsung සමාගම පමණක් නොව අනෙක් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් ද මේ Fuchsia OS එක වෙත මා​රු වෙනු ඇත. අනෙක් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් ගැන කෙසේ වුවත් Samsung සමාගම විසින් දැනටමත් මේ Fuchsia OS එකේ සංවර්ධනය කටයුතු සදහා Google සමාගම සමගින් කටයුතු කරන බැවින් එය ඉතා ඉක්මන් Samsung Smartphone සදහා ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Sam Mobile