Loading...
Galaxy S25 සි​ට Plus මාදිලිය අත්හැරීමට Samsung සූදානම් වේ?

Samsung සමාගම විසින් සෑම වසරක්ම ආරම්භයේදී ඔවුන්ගේ Premium Galaxy S Series එක නිකුත් කරන බව ඔබ දැනටමත් දන්නවා. ඒ අනුව ඔවුන් විසින් මේ වන විටත් එළඹෙන වසර එළිදැක්වීමට සුදානමින් සිටින Galaxy S25 Series එක පිළිබඳව කටයුතු කරමින් යන අතරම විවිධ මුලාශ්‍රයන් ඔස්සේ විවිධ තොරතුරු මේ Series එක පිළිබඳව වාර්තා වීමත් මේ වන විට ඇරඹි තිබෙනවා.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් එළඹෙන වසරේදී ඔවුන්ගේ මේ Galaxy S25 Series එක සමගින් මෙතෙක් කල් ඔවුන් නිකුත් කළ Plus Device එක නිකුත් නොවෙනු ඇති බවට දක්වන්න පුලුවන්.

මෙලෙස Galaxy S25 Plus Device එක නිකුත් නොවනු ඇතැයි සඳහන් වන්නේ මේ වන විටත් Galaxy S25 සහ Galaxy S25 Ultra පිළිබඳව තොරතුරු විවිධ මුලාශ්‍රයන් ඔස්සේ වාර්තා වීමත්, Galaxy S25 Plus Device එක පිළිබඳව තොරතුරු කිසිවක් තවමත් වාර්තා නොවිම හේතුවෙනි.

එමෙන්ම මේ වසර ජනවාරියේදී පමණ නිකුත් වු Galaxy S24 Series එකේ සියලුම මාදිලිවල තොරතුරු පසුගිය 2023 වසරේ ජුලිවල පමණ එකවර නිකුත් වීමත් මෙවර තවමත් Galaxy S25 සහ Galaxy S25 Ultra පිළිබඳව පමණත් මෙලෙස තොරතුරු වාර්තා වීමත් නිසා Galaxy S25 Plus Device එක පිළිබඳව යම් ගැටලුවක් ඇති බවට බලාපොරොත්තු වන්න පුලුවන්. එමෙන්ම මෙලස මොවුන් Galaxy S25 Device එක නිකුත් නොකිරීමට තිරණය කර ඇති නම් ඒ සඳහා මේ වසර නිකුත් වු Galaxy S24 Plus Device එකේ අලෙවිය පහත වැටිමත් හේතු විය හැකියි දක්වන්න පුලුවන්.

Source: www.androidauthority.com