Loading...
ජපානය Nokia සමඟින් එක්​ව තප්පරයට පෙටාබයිට් එකක වේගය​කින් 6G ජාලය අත්හදා බල​යි

නිකුත් වීමට තවත් දශකයකට ආසන්න කාලයක් ගත වෙත්ද ජපානය විසින් නවතම 6G telecommunication ජාලය ගොඩනගමින් පවතින බවට අප ඔබට මීට පෙර වාර්තා කළා.

ලොව ප්‍රථම වරට Standard Cladding Diameter Multi core Fiber සමගින් තත්පරයට Petabit  1ක සාර්ථක සම්ප්‍රේෂණයක් ජපානය නිවේදනය කල බවට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (NICT) ජපන් ජාල පර්යේෂණ අංශය විසින් සදහන් කරනු ලැබුවා.

ජපානයේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සේවා සපයන්නෙකු වන NTT DOCOMO හි මව් සමාගම වන NTT (Nippon Telegraph and Telephone Corporation) ආයතනය විසින් ජුනි 6 වෙනි දින නිවේදනය කරනු ලැබුවේ ජපානයේ Telecommunication device නිෂ්පාදකයින් වන NEC, Fujitsu සහ ෆින්ලන්තයේ Telecommunication device නිෂ්පාදක Nokia යන ආයතන විසින් 2030 වසරේදී ඉලක්කගත 6G commercial සේවාව දියත් කිරීම අරමුණු කරගෙන නව ජංගම සන්නිවේදන තාක්‍ෂණයන් පිළිබඳ පර්යේෂණාත්මක අත්හදා බැලීම් සිදු කිරීමට ජපානය විසින් සැලසුම් කරන බවයි.

Petabit එකක් bit මිලියන හතරකට හෝ gigabit මිලියනයකට සමාන වේ. 5G ජාලය තත්පරයකට gigabit 10ක (Gbps) උපරිම දත්ත සම්ප්‍රේෂණ වේගයකින් යුක්ත වන අතර  ඒ හේතුවෙන් NICT විසින් කළ demonstration එකෙහි දී පෙරට වඩා 100,000 ගුණයකින් වේගවත් විය.

2020 දී 5G ජාලය සදහා International Mobile Communications requirements ලෙස 20Gbps උපරිම downlink data rate එකක්ද, 10Gbps උපරිම uplink data rate එකක්ද හදුන්වා ඇති නමුත් භාවිතයේදී එය සැලකිය යුතු ලෙස අඩු වනවා. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ තොරතුරු වලට අනුව තත්පරයකට Petabit එකක්, තත්පරයට 8K විකාශනය වන නාලිකා මිලියන 10 කට සමාන වනවා.

මේ අදර්ශනය සඳහා Optical Fiber Cable යොදා ගන්නා ලදී. NICT හි වාර්තාවකට අනුව මෙසේ Fiber Optical Cable භාවිතා කිරීම ඉතා ඉහළ සම්බන්ධතා සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ප්‍රධාන පියවරක් වනවා.

පවතින යටිතල පහසුකම් සමගින් කිසිදු ප්‍රමාද කාලයක් නොමැතිව ඉතා අධිවේගීව ගමන් කරන දත්ත සම්ප්‍රේෂණ තාක්ෂණයක් ලෙස මෙම 6G ජාලය හදුන්වනවා. නමුත් එය NTT DOCOMO සමාගමේ මාධ්‍ය නිවේදනයේ පහත පරිදි දක්වා ඇත.

‘‘Launching the envisioned 6G services will require verification of numerous new mobile technologies, including those needed to newly use frequencies in the millimeter and sub-terahertz (above 6 GHz) bands, in addition to bands for existing 5G services. The trials are also expected to verify AI-based wireless transmission methods. DOCOMO and NTT will jointly conduct experimental trials with the three vendors, focusing on mobile technologies using new 6G frequency bands and AI-based wireless technology among these various mobile technologies.’’
‘’The new 6G system will greatly exceed the performance of 5G and simultaneously provide high-speed, large capacity, and low latency capabilities, use new high-frequency bands such as sub-terahertz bands above 100 GHz, expand communication coverage in the sky, at sea and in space, and enable both ultra-low-power consumption and low-cost communications.’’

ඒ අනුව ලබන වසරේ මාර්තු අවසාන වන විට මෙම 6G ජාලයෙහි ගෘහස්ථ හා ඒළිමහන් අත්හදා බැලීම් ආරම්භ කිරීමට සැලසුම් කරන බව මෙම ආයතන විසින් වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.

6G AI-native air interface එනම්, රැහැන් රහිත සන්නිවේදන මාධ්‍යයේ ස්ථාන දෙකක් අතර ප්‍රවේශ මාදිලිය හෝ සබැඳියක් Nokia ආයතනය විසින් සපයනු ලබනවා.

NEC සහ Fujitsu ආයතන විසින් බෙදා හරින ලද MIMO (Multiple-Input Multiple-Output) උපකරණ මගින් ලැබෙන සංඥා එකවරම සම්ප්‍රේෂණය කිරීම සහ ඒවා වෙන් කර හදුනා ගැනීම මගින් සන්නිවේදන ජාලයේ ධාරිතාව වැඩි කරනවා.

NEC ආයතනය විසින් Angular Momentum transmission භාවිත කරන අතර ඒ තුලින් අධි සංඛ්‍යාත වල radio තරංග transmit කල හැකි වනවා. එය AR තාක්ෂණය භාවිත කරමින් සිදු කරන Signal processing optimization සදහාද සහය දෙනවා.

gallium nitride (GaN) සහ indium phosphorus (InP) වැනි අර්ධ සන්නායක සංයෝග භාවිතා කරමින් අධි සංඛ්‍යාත රැහැන් රහිත උපාංග නිෂ්පාදනය කිරීම Fujitsu ආයතනය විසින් අරමුණු කරනවා. සාමාන්‍ය සිලිකන් අර්ධ සන්නායකවලට වඩා මෙම GaN සහ InP සංයෝගවල ඉලෙක්ට්‍රෝන සංචලනය වැඩි බැවින් වේගවත් ක්‍රියාකාරිත්වයක් ඒවා විසින් ලබා දෙනවා.

දැඩි තරගකාරිත්වය හමුවේ ජපානය සහ NOKIA ආයතනය මේ සම්බන්ධව ඉදිරියෙන් සිටින නමුත් යුරෝපය, දකුණු කොරියාව, ඇමරිකාව සහ චීන යන රටවල් වල සමාගම්ද මේ වන විට මෙම නවතම ජාලය පිළිබද පර්යේෂණ සංවිධානය කරමින් සිටිනවා.

කෙසේ නමුත්, ජපානය සතුව මේ පිළිබදව විශේෂ දැනුමක් පවතින අතර ඒ හේතුවෙන් මෙය ඔවුන්ගේම නව නිෂ්පාදනයක් වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා.

Sources: asiatimes.com