Loading...
2024 වසර සිදු වු විශාලතම online සේවාවන් වල බි​ඳ වැටීම්

Internet කියන්නේ මේ වන විට මිනිස් ජිවිතයට අත්‍යවශයම දෙයක් බවට පත් වී හමාරයි. එම නිසා වර්තමානය වන විට අනපේක්ෂිතව සිදු වන අන්තර්ජාල බිද වැටීම් මිනිස් ජිවීතයට විශාල පහරක් එල්ල කරනු ලබනවා.

ගත වෙමින් පවතින වසර තුළ සිදු වු විශාලතම අන්තර්ජාල බිද වැටීම්වලට ජනප්‍රිය වෙබ් අඩවිවල බිද වැටීම්, සමාජ මාධ්‍යයන්හි බිද වැටීම් හෝ මාර්ගගත සේවාවල බිදවැටිම් උදාහරණයන් ලෙස දක්වන්න පුලුවන්.

2024 වසර සිදු වු විශාලතම අන්තර්ජාල බිද වැටීම්

Image Source- Ookla

මෙම අන්තර්ජාල බිද වැටීම් පිළිබඳව Real Time දත්ත ලබා දෙන Downdetectorහි මෙම වසරට අදාලව සිදු වු අන්තර්ජාල බිද වැටීම්වල දත්ත ඔස්සේ Ookla සමාගම විසින් ඉදිරිපත් කරන ලද මෙම සටහනට අනුව මෙම වසරේ මාර්තු 05 සිදුවු Facebook බිද වැටීම නිසා මිලියන 11තට අධික පිරිසක් සඳහා බලපෑම් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ දත්ත අනුව මෙහි මුල් ස්ථාන 10 තුළ සමාජ මාධ්‍යයන් වැඩි වශයෙන් තිබීම කැපි පෙනෙන අතර ඒ අනුව විශාල පිරිසත් එම බිද වැටීම්වලට මුහුණ දී තිබෙනවා.

Source: www.ookla.com