Loading...
Laptop එකකට transform කල හැකි foldable smartphone එකකට LG සමාගම patent ලබා ගනී

වේගයෙන් ඉස්සරහට එන foldable smartphone market එකේ capitalize වීමේ අරමුණින් ඒ සඳහා විවිධාකාර designs ඔස්සේ ඉදිරියට එන්න smartphone companies උත්සාහ කරනවා. Samsung Galaxy Fold එකෙන් පස්සෙ Motorola, Huawei වගේ සමාගම් ඒගොල්ලනෙ unique designs එක්ක ඉස්සරහට ආවා. ඉතින් දැන් LG සමාගමත් අමුතුම ආකාරයක foldable සහ rollable display එකක් සහිත smartphone එකක් එක්ක මේ market එකට පිවිසෙන්න කටයුතු කරලා තියෙනවා.

මෑතක නිකුත් උන වාර්තා කීපයකට අනුව, foldable smartphone එකක් සඳහා patent එකක් LG ලා file කරලා තියෙනවා. කෙසේ වෙතත් ඒ patent එක අනුව නම් මේ smartphone එක තවත් එක foldable device එකක් වෙන්නෙ නම් නැති වෙයි! මේ patent එකට අනුව මේ device එක feature වෙන්නෙ smartphone body එකෙන් slide-out වෙලා laptop එකක හැඩයට fold out වෙන display එකකින්.

මෑත කාලයේදි අපි දැක්ක Huawei ලත් මීට සමාන patent එකක් ගත්තා. කෙසේ වෙතත් මේක ඒ design එක වගේ නෙමේ. මෙතනදී LG ලා aim කරන්නෙ roll out වෙලා fold වෙන display එකක් feature කරන්න.

ඉතින් මේ යට තියෙන patent image එක බලද්දි දැකගන්න ලැබෙන දෙයක් තමා compact form එකේදි උනත් මේ smartphone එක තරමක් විශාලයි කියන කාරණය. ඉතින් user දකුණු පැත්තෙන් display එක අදිද්දි මේක තවත් enlarge වෙලා tablet-size එකට සමාන වෙනවා.

දැන් මේක තමා සුවිශේෂි ම කාරණය. යටින් තියෙන third form factor එකට අනුව දකුණු පැත්තෙන් display එක roll out උනාම, device එකේ base එකේ තියෙන hinge එකෙන් fold වීමට screen එක තවත් extend වෙනවා අන්න එතනදි මේ smartphone එකට physical keyboard එකක් වෙනුවට main screen එක යට තියෙන screen එක එක්ක laptop-esque form factor එක ලැබෙනවා.

ඉතින් මේක foldable smartphone එකකට unique design එකක් විදිහට හඳුන්වන්න පුලුවන්. වගේම මේ වගේ දෙයක් මීට කලින් අපි කිසිම smartphone company එකකින් දැකලා නෑ. ඒත් මේ ගැන වැඩි බලාපොරොත්තු තියාගන්නත් බෑ මොකද patent එකක් file කරපු එකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් නුදුරේදීම smartphone එක release කරනවා කියලා.

කෙසේ වෙතත් LG විසින් වැඩ කරන් යන මේ අලුත්ම device එක සාර්ථක උවහොත් එය smartphone industry එකේ වෙනස් ම trend එකක් බවට පත් වේවි.