Loading...
Facebook සමාගම විසින් Mapillary සමාගම මිලට ගනී, Google Street View වලට තරඟයක්ද?

Facebook සමාගම maps වලට සම්බන්ධ වැඩ කටයුතු කීපයක් පසුගිය කාලයේ කරා. පසුගිය අවුරුද්දෙ ඔවුන් AI tool එකක් OpenStreetMap users ලට open කරා. ඒ ලෝකයේ 3D map එකක් මත base උන AR Planet එකක් recreate කරන්න. ඒ වගේම මෑතකදි Covid-19 spread එකත් එක්ක users ලව දැනුවත් ව තියන්න interactive map එකකුත් release කරා. ඉතින් දැන් ඔවුන් Google Street View එකට alternative එකක් උනු Mapillary platform එක acquire කරා.

Mapillary කියන්නෙ maps scale කරන්න සහ automate කරන්න පුලුවන් street-level imagery platform එකක්. 2013 වසරේ ඉඳන් රටවල් 190ක පමණ users ලා ප්‍රමාණයක ගෙන් මේ platform එකට විවිධ ස්ථානයන් වල photos එකතු උනා. ඉතින් ඒ photos Mapillary ලගෙ software එකෙන් stitch වෙලා immersive street-level view එකක් මේ තුල create වෙනවා. ඉතින් මේක basic විදිහට කීවොත් crowd-sourced Google Street View එකක් විදිහට හඳුන්වන්න පුලුවන්.

ඉතින් මේ වෙනකන් ම Mapillery platform එක ඕනෑම user කෙනෙක්ට non commercial purposes සඳහා freely use කරන්න හැකියාව තිබුණා. ඒත් අද ඉඳන් commercial usersල ටත් මේක free වෙනවා. ඉතින් මෙතනදි Facebook සමාගම මේ service එක ඔවුන්ගේ platform එකට include කරන විදිහ ගැන අපිට clue එකක් ලැබෙනවා. ඉදිරියේදි ඔබට business වල street shots පවා Facebook හරහා දැකගන්න අවස්ථාව ලැබේවි. මේ acquisition එක හරහා Facebook ලගෙ maps ගැන තියෙන අපේක්ෂාවන් ඉටු කරගන්න පුලුවන් වෙනව කියල පැහැදිලීයී.

ඉතින් කලින් කියපු විදිහට Google Street View එකේ ප්‍රධානත ම competitor කෙනෙක් විදිහට Mapillery platform එක හඳුන්වන්න පුලුවන්. ඔවුන් කාලයෙන් කාලයට වීවිධ tech giants ලගෙ අවධානය දිනාගන්නට සම්ත් උනා. අවුරුදු කීපයකට කලින් Amazon ලා මේ ගැන විශේෂ උනන්දුවක් දැක්වූවා. Apple Maps, Bing Maps පවා කාලයෙන් කාලයට Google එක්ක compete කරන්නඋත්සාහ කරත් ඒව ව්‍යර්ථ උනා. ඒත් Facebook ලා Mapillary මිලට ගැනීම නම් Google ලට serious ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

Source: Yahoo Finance | Mapillary Blog