Loading...
WhatsApp සඳහා ලබා දීමට නියමිත නව විශේෂාංග 3 පිළිබඳව Mark Zuckerberg විසින් අනාවරණය කරයි

Facebook හී ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් විසින් ඉදිරි දින කිහිපය තුළ WhatsApp වෙත පැමිණෙන නව විශේෂාංග 3ක් ගැන තහවුරු කර ඇත. ඒවා නම්,

Disappearing Mode

මෙම Disappearing Mode එක මගින් පරිශීලකයාට ඔවුන්ගේ සියලුම අලුත් Chats සඳහා Disappearing Message විශේෂාංගය සක්‍රීය කිරීමට ඉඩ ලබා දෙනු ලැබේ. WhatsApp Disappearing Messages විශේෂාංගය Enable කල පසු දින 7 කින් Chat එකක පණිවිඩ ස්වයංක්‍රීයවම මකා දමනු ලැබේ. එපමණක් නොව, ස්වයං විනාශකාරී පණිවිඩ (Self-Destructing Messages) සඳහා WhatsApp සමාගම මගින් නව "24-hour" option එකක් පවා පරීක්ෂා කරන බව අපි මෑතකදී දුටුවෙමු.

Content එකක් එක් වරක් නැරඹූ පසු ස්වයංක්‍රීයවම නොපෙනී යන පහසුකම

WhatsApp හි Chats සඳහා “Once View” (එක් වරක් බලන්න) විශේෂාංගය සක්‍රිය කළ විට, ලබන්නන්ට ඔබ යවන ඡායාරූප හෝ වීඩියෝ එක් වරක් පමණක් දැකගත හැකිය. ඔබ එය විවෘත කළ පසු එම ඡායාරූපය හෝ වීඩියෝව සහිත පණිවිඩය ස්වයංක්‍රීයව එම Chat එකෙන් අතුරුදහන් වනු ඇත.

කෙසේ වෙතත්, මෙම විශේෂාංගයේ ඇති ලොකුම දුර්වලකම වන්නේ පරිශීලකයින්ට එම Content වල Screenshots ලබා ගැනීමට WhatsApp විසින් ඉඩ ලබා දීමයි. එය නම් කනගාටුවට කරුණකි. ලබන්නා ඔවුන්ගේ ඡායාරූප හෝ වීඩියෝ හොර රහසේ Save කරනවාද යන්න යවන්නාට දැන ගැනීමට ක්‍රමයක්ද නොමැත.

පුද්ගලික හා ආරක්ෂිත පණිවුඩකරණ වේදිකාවක් බවට පත්වීම WhatsApp හි මූලික ඉලක්කය බවත් මෙම Feature එක මඟින් එම අරමුණ තවදුරටත් ශක්තිමත් කරන බවත් Mark Zuckerberg විසින් පැවසීය.

“අපි 'Once View' පහසුකම ආරම්භ කිරීමට සූදානම්ව සිටිමු, එවිට ඔබට Content එකක් යැවිය හැකි අතර අදාල පුද්ගලයා එය Seen කල පසු එම පණිවිඩය ස්වයංක්‍රීයවම අතුරුදහන් වේ” යැයි Zuckerberg විසින් පැවසීය.

Multi-Device Support පහසුකම

දැනට, පවතින තත්වයෙන් වාසි ලබා ගනිමින්, WABetaInfo විසින් විධායකයින්ගෙන් විමසා සිටියේ, WhatsApp සඳහා අපේක්ෂිත Multi Device Support පහසුකම වැඩි දියුණු කිරීම පිළිබඳව ය.  

මෙයට ප්‍රතිචාර දක්වමින් "විල් කැත්කාර්ට්" මහතා පැවසුවේ, "ඔබේ Primary Device එක අන්තර්ජාලයට සම්බන්ධ නොවී ඇති විට එහි ඇති සියලුම Messages, Devices හරහා නිසි ලෙස Sync කර ගැනීම විශාල තාක්ෂණික අභියෝගයක්” බවයි.

කෙසේ වෙතත්, WhatsApp සමාගම විසින් මෙම ගැටළුව විසඳා ඇති අතර ඉදිරි මාස 2ක කාලය තුළ WhatsApp Beta භාවිතා කරන්නන් සඳහා Multi Devices පහසුකම සඳහා සහය ලබා දෙන බව "කැත්කාර්ට්" මහතා විසින් තහවුරු කලේය. තවද මෙය සඳහා End-to-End Encrypted පහසුකමද වලංගු වන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙයට අනුව, ඔබේ Primary Device එක අන්තර්ජාලයට සම්බන්ධ නොවී ඇති විටත් ඔබට විවිධ Platforms හරහා WhatsApp භාවිතා කළ හැකිය. එපමණක්ද නොව, එය iPad සඳහාද සහය ලබා දීමට WhatsApp වලට ඉඩ ලබා දෙන අතර ඔබගේ ගිණුමට උපාංග 4 ක් දක්වා සම්බන්ධ කිරීමට ඔබට හැකි වේ.

ඉදිරි මාස කිහිපය තුළ WhatsApp වෙත පැමිණෙන බව සනාථ කරන නව විශේෂාංග මේවාය.

ඉතින්, ඔයා වඩාත්ම කැමති කුමන අංගය ගැනද?  ඒ ගැන ඔයා අදහස් පල කරන්න අපේ Telegram Channel එක දැන්ම Subscribe කරන්න.

Source: WABetaInfo, Tech Crunch, The Verge