Loading...
Samsung Galaxy S22 දුරකතන මාලාව නිකුත් වීමට දින 8ක් තිබියදී සියළුම තොරතුරු අන්තර්ජාලයට නිකුත් ​වේ

Samsung සමාගමේ මිලග Galaxy Unpack Event එක මේ මස 09 වෙනි දින පැවැත්වීමට නියමිත වෙන අතර මෙහිදි Next Generation S22 Flagship Smart Phone Series එක වගේම Galaxy S8 Tab Series එකත් එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මේ Unpack Event එක පැවැත්වීමට තවත් දින කිහිපයක් ඉතිරිව තිබියදී මේ Event එකේදි එළිදැක්වීමට නියමිත Galaxy S22 Series එක වගේම Galaxy Tab S8 Series එකේ සියලුම Specifications නිල නොවන ආකාරයෙන් අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා.

ඒ අනුව ඔබ දන්නා පරිදි Galaxy S22 Series එක යටතේ Galaxy S22, Galaxy S22+ හා Galaxy S22 Ultra ලෙස Devices තුනකුත් Galaxy Tab S8 Series එක යටතේ Galaxy Tab S8, Galaxy Tab S8+ හා Galaxy Tab S8 Ultra ලෙස Devices තුනකුත් නිකුත් විමට නියමිත වෙනවා.

මේ ලිපිය ඔස්සේ Galaxy S22 Series එක යටතේ නිකුත් විමට නියමිතව පවතින Galaxy S22, Galaxy S22+ හා Galaxy S22 Ultra Devices පිළිබඳ මේ වෙන විට පළ වි තිබෙන සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

Design & Display

Galaxy S22 Series එක යටතේ නිකුත් විමට නියමිත Devices තුනෙ අතරින් Galaxy S22 හා Galaxy S22+ Devices දෙක එක හා සමාන Design එකකින් යුතු වෙන අතර Galaxy S22 Ultra Device එක තරමක් වෙනස් Design එකකින් යුතු වෙනවා. මේ සදහා ප්‍රධාන වශයෙන්ම හේතු වි තිබෙන්නේ එහි Rear Camera Setup එකේ Placement එකයි.

Galaxy S22, Galaxy S22+ හා Galaxy S22 Ultra

Galaxy S22 Device එක අගල් 6.1ක Display එකකින් ද Galaxy S22+ Device එක අඟල් 6.6ක Display එකකින් ද Galaxy S22 Ultra Device එක අගල් 6.8ක Display එකකින් ද යුතු වෙන අතර Galaxy S22 හා Galaxy S22+ Devices සදහා FHD+ Dynamic AMOLED 2X Display ලබා දි තිබෙන අතරම Galaxy S22 Ultra Device එක QHD+ Dynamic AMOLED 2X Display එකක් ලබා දි තිබෙනවා. මේවා Phantom Black, Phantom White, Green හා Pink Gold යන Coloursවලින් වෙළෙඳපොළට නිකුත් වෙනු ඇත.

ඒ වගේම මේ Devices සදහා Samsung සමාගමේ ශක්තිමත්ම Aluminum Frame යොදා ගෙන ඇති අතර සම්පූර්ණයෙන්ම Water Resistance මෙන්ම GG Victus+ මගින් Display එක නිපදවා තිබෙනවා.

Processor & Storage

මේ Series එක සදහා Samsung සමාගම විසින් ඔවුන්ගේම Exynos 2200 Chipset එක සහ Snapdragons 8 Gen 1 Chipset එක යොදා ගෙන තිබෙනවා. මෙහිදි Exynos 2200 Chipset එක සහිත Galaxy S22 Series Devices North America, China, Japan, Southeast Asia, Latin America හා South Korea සදහාත් Snapdragons 8 Gen 1 Chipset එක සහිත Galaxy S22 Series Devices Europe, CIS, Southeast Asia, Middle East සහ Africa සදහාත් නිකුත් වෙනු ඇත.

එමෙන්ම Galaxy S22 හා Galaxy S22+ Devices 8GB RAM එකකින් යුතුව 128GB හෝ 256GB යන Storage Optionsවලින් වෙළෙඳපොළට නිකුත් වෙනු ඇති අතර Galaxy S22 Ultra Device එක 8GB හෝ 12GB RAM Optionsවලින් මෙන්ම 128GB, 256GB හෝ 512GB යන Storage Optionsවලින්ද නිකුත් වෙනු ඇත.

Camera

Galaxy S22 හා Galaxy S22+ Devices දෙකටම 12MP Ultrawide, 50MP Wide හා 10MP Telephoto ලෙස Triple Camera Setup එකක් ලබා දි තිබෙන අතර මේ Devices දෙක සදහාම 10MP Front Camera එකක් ලබා දි තිබෙනවා.

Galaxy S22 හා Galaxy S22+

Galaxy S22 Ultra Device එක සැලකිමේදි ඒ සදහා 12MP Ultrawide, 108MP Wide හා 10MP බැගින් වු Telephoto Camera Lenses දෙකක් මගින් සමන්විත Camera Setup එකක් ලබා දි තිබෙන අතර 40MP Front Camera එකක් මේ සදහා ලබා දි තිබෙනවා.

Galaxy S22 Ultra

ඒ වගේම මේ Galaxy S22 Series එක මගින් Super Resolution Photos ගැනිමේ හැකියාව මෙන්ම 100X දක්වා වු Space Zoom හැකියාවත්, Photo Remaster, Object Eraser, Pro Video හා Director View ආදි Features ලබා දි තිබෙනවා.

Battery & Charging

Galaxy S22 Device එක සදහා 3700mAh Battery Capacity එකක් ලබා දි තිබෙන අතර මෙය 25W Fast Charging සදහා සහය දක්වනු ලබනවා. Galaxy S22 Series එකේ අනෙක් Devices දෙක වෙන Galaxy S22+ හා Galaxy S22 Ultra Devices සදහා 45W Super Fast Charging පහසුකම ලබා දි තිබෙන අතර Galaxy S22+ Device එක සදහා 4000mAh Battery Capacity එකකුත් Galaxy S22 Ultra Device එක සදහා 4500mAh Battery Capacity එකකුත් ලබා දි තිබෙනවා.

S Pen For Galaxy S22 Ultra

Galaxy Note Series එක නවතා දැමීමත් සමග Samsung පාරිභෝගිකයන්ගෙන් ඉතා දැවැන්ත විරෝධතාවක් එල්ල වු අතර පසුව Samsung සමාගම විසින් පවසා සිටියේ Galaxy S Series එක තුලින්ම ඔවුන්ගේ Note Series Devices එකක අවශ්‍යතාය සපුරා ලිමට සුදානම් බවයි. ඒ අනුව පසුගිය Galaxy S21 Series එකත් සමග S Series එක සදහා S Pen සහය ලබා දෙනු ලැබුවා.

Samsung සමාගමේ නවතම Galaxy S22 Ultra Device එක සදහා ප්‍රථම වතාවට S Pen එක රදවා ගැනිමේ හැකියාව Galaxy Note Series Devicesවල මෙන් ලබා දි තිබෙනවා.

Sources: Gsm Arena, Dohyun Kim, Imgbb