Loading...
Dimensity 9000 chipset එක මුලින්ම භාවිතා වන්නේ Oppo Find X5 මාදිලියේ ජංගම දුරකතන සඳහා ව​න බව MediaTek සමාගම විසින් තහවුරු කර​යි

Mediatek සමාගමේ නවතම flagship chipset එක වන MediaTek Dimensity 9000 කියන්නෙ TSMC සමගමේ 4nm processing තාක්ශණයෙන් සමන්විත 3.0GHz Cortex-X2 Super Core එකක්,2.85GHz A710 large cores දෙකක් සහ 1.8GHz A510  mid cores හතරකින් සැකසුණු බලවත් Chipset එකකි.ඒ වගේම මෙම Dimensity 9000 AnTuTu benchmark score එක 1,017,488 points අභිබවා ගිය අතර මෙම අගය Snapdragon 8 Gen 1 ට ලැබුණු අගයටත් වඩා වැඩි අගයකි.අප විසින් මේ පිළිබදව ගෙන ආ සවිස්තරාත්මක ලිපිය මෙතැනින් කියවන්න.

ඉතින් MediaTek Dimensity 9000 Chipset එක ගෙන දැන් මාස කිහිපයකට පෙර සිට එලිදක්වා තිබුනත් එම Chipset එක මගින් බලගැන්වුනු Smartphone එකක් මේ වන තාක් අප දැකගන්නට නොහැකි උනා.

නමුත්,මේ වන විට Mediatek සමාගම විසින් ඔවුන්ගේ නිල Weibo ගිණුම හරහා මෙම MediaTek Dimensity 9000 chipset එක මගින් බලගැන්වෙන පලමු දුරකථනය කුමක්ද යන වග එලිදක්වා තිබුනා.  

ඒ අනුව මෙම MediaTek Dimensity 9000 chipset එක මගින් බලගැන්වෙන පළමු දුරකථන වන්නේ Oppo සමාගෙන් නිකුත්වීමට නියමිත මීලග Flagship දුරකථන මාලාව වන OPPO Find X5 series දුරකථනයි.

ඒ අනුව,ඔවුන් දක්වා තිබුණේ පෙබරවාරි 24 වන දින මෙම Dimensity 9000 න් බලගැන්වුනු OPPO Find X5 series එක එලිදැක්වීමට නියමිත බවයි.

Source: Gizmochina, XDA Developers