Loading...
මේ වසරේ පළමු කාර්තුවේදී ColorOS 13 Update එක ලැබෙන OPPO ජංගම දුරකථන ලැයිස්තුව මෙන්න

Oppo සමාගම විසින් Android 13 මුලික කරගෙන නිර්මාණය වු ColourOS 13 සදහා මේ වස⁣රේ පළමු කාර්තුවේදී Update ලැබිමට නියමිත Devices ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් මේ වසරේ පළමු කාර්තුව තුළදී Beta Version Updates සහ Stable Version Updates ලෙස ඔවුන්ගේ ColourOs 13 Update එක ඔවුන්ගේ Oppo Reno, Oppo F, Oppo A සහ Oppo Find X Seriesවල තෝරාගත් Devices සදහා ලබා දීමට සුදානමින් සිටින බව දක්වා තිබෙනවා.

Beta Updates ලැබෙන Oppo ජංගම දුරකථන ලැයිස්තුව

මේ වසර පෙබරවාරි මාසයේ සිට,

  • Oppo Reno 5 F‌‌
  • Oppo F19 Pro

මේ වසර මාර්තු මාසයේ සිට,

  • Oppo Reno 6‌‌
  • Oppo Reno 5‌‌
  • Oppo Reno 5 Marvel Edition‌‌
  • Oppo A55‌‌
  • Oppo A53s 5G

Stable Updates ලැබෙන Oppo ජංගම දුරකථන ලැයිස්තුව

මේ වසර ජනවාරි 13 වනදා සිට,

  • Oppo Find X2 Pro (India, Indonesia)‌‌
  • Oppo Find X2 Pro Automobili Lamborghini (India, Indonesia)‌‌
  • Oppo Find X2 (India, Indonesia)

මේ වසර ජනවාරි 14 වනදා සිට,

  • Oppo Reno 8 (Indonesia)‌‌
  • Oppo F21s Pro (India)

මේ ColourOs 13 Update එක හරහා Oppo ජංගම දුරකථන සදහා නව විශේෂාංග රැසක් ලබා දීමට Oppo සමාගම විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් විසින් Aquamorphic නව Design Language එකක් ද, නව Home Screen & Control Center එකක් ද, නව Always-on Display Style Series එකක් ද, නව විශේෂාංග සමග වැඩි දියුණු කළ PC Connect Feature එක සහ Kids Space සදහාත් නව විශේෂාංග කිහිපයක් එක් කර තිබෙනවා.

Sources: ColorOs GizmoChaina