Loading...
Oppo Find X5 මාදිලිය එලිදැක්වීමට කටයුතු කරයි

Oppo සමාගම විසින් නිකුත් කරන flagship smartphone series එක වන Oppo find X series පස්වන දුරකථන මාලාව වන Oppo Find X5 දුරකථන මාලාව නිකුත් එළිදැක්වීමට Oppo සමාගම කටයුතු කළා.

එහිදී Oppo Find X5, Oppo Find X5 Pro සහ මෙම වසරේදි තවත් Oppo Find X5 Lite නම් නව දුරකථනයක් මෙම Find X series එක වෙත ලබාදීමට Oppo සමාගම කටයුතු කර තිබුණා.

මෙම වසරේදි විශේෂිතම සිදුවීම් ලෙස Image Processing සදහා වෙනම Oppo MariSilicon X chip එක සහ මෙවර ඔවුන් කැමරා නිෂ්පාදනය සදාහා Swedish කැමරා නිෂ්පාදකයෙකු වන Hasselblad සමාගම සමග එක්වී තිබුණා. අද අපි මේ ලිපියෙන් මේ දුරකථන  පිළිබදවම කෙටියෙන් විමසා බලමු.

Oppo Find X5 Pro

Display

මෙම දුරකථනයට අගල් 6.7 ක LTPO2 AMOLED display එකක් ද එහි resolution එක 1440 x 3216 වන අතර මේ display එකට 120Hz  ක refresh rate එකක් සහ screen to body ratio එක වෙන්නෙ 89.6%.

Chipset, RAM, Storage

Oppo Find X5 Pro බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්.

මෙහි Ram එක සහ Storage එක අනුව මාදිලි 2 කින් මිලදී ගන්න පුලුවන්.‌‌එනම් 12GB RAM, 256GB Storage එකක් සමග 12GB RAM හා 512GB Storage එකක් ආදී ලෙසිනි.

OS

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 12 මූලික කරගෙන නිර්මාණය වුණු ColorOS 12.1 වේ.

Battery

Oppo Find X5 Pro හි battery එක විදියට Li-Po 5000mAh, non-removable battery එකක් සහ 80W fast charging පහසුකමත් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම battery එක මිනිත්තු 12 කින් 50% ක් අරෝපණය කරගැනීමේ හැකියාවක් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 50-megapixel primary wide-angle camera එකකිනුත් 50-megapixel ultra-wide camera එකක් හා 13-megapixel telephoto camera ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 4K videos 60fps දක්වාත් 1080p videos 240fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 32MP, f/2.4 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 30fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Under Display Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors මෙම device තුළඅඩංගු වෙනවා.

Oppo Find X5 Lite

Display

මෙම දුරකථනයට අගල් 6.43 ක AMOLED display එකක් ද එහි resolution එක 1080 x 2400 වන අතර මේ display එකට 90Hz ක refresh rate එකක් සහ screen to body ratio එක වෙන්නෙ 84.9%.

Chipset, RAM, Storage

Oppo Find X5 Lite බලගැන්වෙන්නෙ MediaTek MT6877 Dimensity 900 5G processor එකෙන්.

මෙහි RAM එක 8GB වන අතර Storage එක 256GB වේ.

OS

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 12 මූලික කරගෙන නිර්මාණය වුණු ColorOS 12.1 වේ.

Battery

Oppo Find X5 Lite හි battery එක විදියට Li-Po 4500mAh, non-removable battery එකක් සහ 65W fast charging පහසුකමත් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම battery එක මිනිත්තු 31 කින් 50% ක් අරෝපණය කරගැනීමේ හැකියාවක් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 64-megapixel primary wide-angle camera එකකිනුත් 8-megapixel ultra-wide camera එකක් හා 2-megapixel macro camera ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 4K videos 30fps දක්වාත් 1080p videos 120fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 32MP, f/2.4 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 120fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Under Display Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors  මෙම device තුළ අඩංගු වෙනවා.

Source: GSMArena, Gadgets360