Loading...
කාමර වල ඇති රහස් කැමරා හදුනා ගැනීමට හැකියාව ඇති නව පහසුකමක් ColorOS වෙත එකතු කිරීමට Oppo සමාගම කටයුතු කර​යි

Oppo සමාගම විසින් ඔවුන්ගේ Color OS Custom Skin එක ඔස්සේ තම Userලා සදහා අලුත් Feature එකක් හදුන්වා දී තිබෙනවා. මේ Feature එක මගින් OPPO Smart Phones ඔස්සේ සගවා ඇති Cameras සොයා ගැනිමේ හැකියාව Userට ලැබෙනවා.

මේ වෙන විටත් OPPO සමාගම විසින් තම පාරිභෝගිකයන් සදහා නිකුත් කර ඇති මේ Feature එක තවම භාවිත කළ හැකි වෙන්නේ Oppo Find X5 හා Find X5 Pro Smart Phones ඔස්සේ වෙන අතර ඒ සදහා ඔබ විසින් Color OS 12.1 Version Update එක Install කර තිබිය යුතු වෙනවා.

ඒ වගේම OPPO Find X5 Series එකේ Usersලාට Oppo App Market එක ඔස්සේ Hidden Camera Detection App එක Download කර ගැනිම තුලින් මේ පහසුකම භාවිත කළ හැකි වෙනවා. මෙහිදි මේ App එක එක මගින් Device එකේ WiFi ක්‍රියාවිරහිත කර, Hotspot ක්‍රියාත්මක කර ඒ ඔස්සේ සගවා ඇති Camera පිළිබඳව Scan කිරිම සිදු වෙනවා. ඒ වගේම මේ App එක ඔස්සේ Infrared Light භාවිත වෙන Night Vision WiFi Camera හදුනා ගැනිමේ හැකියාවත් ලබා දී තිබෙනවා.

මෙලෙස සගවා ඇති Camera තිබෙන බවට App එක ඔස්සේ හදුනා ගත් විට එම Camera එක තිබෙන ස්ථානය හදුනා ගැනිමටත් මේ App එක ඔස්සේ පහසුකම් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් Oppo සමාගම විසින් මේ Feature එක චිනය සදහා පමණක් ලබා දී ඇති අතර ඉදිරියේදී අනෙකුත් කලාපවලට මෙන්ම ගෝලීයවද නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Android Authority