Loading...
පෙබරවාරි මාසයේදී ColorOS 12 update එක ලැබෙන ජංගම දුරකතන ලැයිස්තුව මෙන්​න

ඔබට මතක ඇති පසුගිය දෙසැම්බර් මස OPPO සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සදහා Android 12 සංස්කරණය මත පදනම් වු ColourOS 12 සංස්කරණය මේ වසර මුල සිට ලබා දිමට සුදානමින් සිටින බවට තොරතුරු ගෙන ආවා. ඒ අනුව පසුගිය දිනක OPPO සමාගමේ නිල Twitter ගිණුම මගින් මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා.

මේ අනුව පෙබරවාරි 22 සිට ඔවුන් විසින් තම Smart Phones සදහා ColorOS 12 Beta Update එක ලබා දිමට සුදානමින් සිටිනවා.

පෙබරවාරි 22 සිට ColorOS 12 Beta Update ලැබෙන Devices

  • OPPO Reno5 F
  • OPPO Reno4 F
  • OPPO F19 Pro
  • OPPO F17 Pro

පෙබරවාරි 28 සිට ColorOS 12 Beta Update ලැබෙන Devices

  • OPPO Reno4 Pro
  • OPPO Reno4

Sources: Gizmochina, OPPO