Loading...
MediaTek සමාගම විසින් 6nm තාක්ෂණය යටතේ නිපදවූ Dimensity 900 5G SoC එක එලි දක්වයි

MediaTek සමාගමේ නවතම Dimensity 900 5G Chipset පසුගියදා (13.05.2021) නිල වශයෙන් නිවේදනය කරන ලදී. Dimensity lineup සමග එකතු වන නවතම සාමාජිකයා වන මෙය ඉහල කාර්‍යක්ෂමතාවයකින් යුතු 6nm Process එකකින් නිපදවා ඇත.

Octa core CPU එකක් වන මෙම Dimensity 900, 2x Cortex-A78 cores at 2.4GHz for power සහ 6x Cortex-A55 units at 2 GHz for efficiency ලෙස clusters දෙකකින් පැමිණේ. AI භාවිතා වන Applications මෙන්ම 4K HDR පහසුකමද ඉතා හොඳින් ක්‍රියාකරවීම සඳහා Dedicated AI Processing Unit (APU) එකක් ද මෙයට ඇතුලත් කර ඇති අතර Graphic Processing Unit (GPU) එක ලෙස Arm Mali G68 MC4 භාවිතා කරයි.

තවද LPDDR5 RAM and UFS 3.1 storage standard සහිත Dimensity 900 5G SoC එක සමගින් පැමිණෙන Smartphones වලට Dual 5G පහසුකමද භාවිතා කිරීම හැකිවනු ඇත. තවද මෙය Wi-Fi 6 Standard සහ 120Hz refresh rate එකක් සදහා සහය දක්වන අතර 108 MP Resolution එකක් සහ 4K@30fps සහිත Camera සඳහාද සහය දක්වයි.

දැනට නිල නොවන වාර්තා වලට අනුව ඉදිරියේදී චීනය සඳහා නිකුත්වීමට නියමිත Redmi Note 10 Series එක සහ Oppo හා Vivo සමාගම් වල Midrange කාණ්ඩයේ Smartphone කිහිපයක්ම මෙම SoC එක සමග පැමිණීමට නියමිතයි.

Source: Mediatek